Colombo Today Local News

ඇමති විජේදාසගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් ගැන විශේෂ විමර්ෂණයක්

විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ හා ඔහුගේ පවුලේ, ළඟම ඥාතීන්ගේ බැංකු ගිණුම් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම ගිණුම පරීක්ෂා කිරීම්වලට අමතරව ඔවුන් සතුව බැංකු ආරක්ෂිත සේප්පු තිබේද යන්න පිළිබඳවද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ගිණුම පරීක්ෂා කිරීමේදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට අයත් ගිණුම් හා ඔහුගේ බිරිඳට දරුවන්ට සහ අමාත්‍යවරයාගේ ළඟම ඥාතියෙකුට අයත් ගිණුම් පරීක්ෂා කිරීම සිදුවන බවද වාර්තා වේ.

පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී ආන්දෝලාත්මක ප්‍රකාශ සිදුකළ අමාත්‍යවරයා යහපාලන රජය ස්ථාපිත කිරීම සදහා විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබූ අමාත්‍යවරයෙකි.

අමාත්‍යවරයාගේ එක් දරුවෙකු වන රඛිත රාජපක්ෂ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට සම්බන්ධ වී කටයුතු කර තිබෙන අතර එහිදී එම අමාත්‍යාංශය තුළ සිදුවූ මූල්‍ය ගනුදෙනුවලදී සිදුවූ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳවත් චෝදනා එල්ල වී තිබිණි.

ගිණුම පරීක්ෂා කිරීමේදී ගිණුම්වලට මුදල් ලැබී තිබෙන ආකාරය හා ඒවා පරිහරණය කර තිබෙන ආකාරය පිළිබඳව ද සොයා බැලීම සිදුකරන බවද වාර්තා වේ.

Related posts

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ජගත් මානව හිමිකම් කවුන්සිල සමාලෝචන වාර්තාව අද එළිදකී

Admin

ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයන්ට ඇඳිරි නිතිය

colombotoday

මිල සූත්‍රයෙන් දේශීය කිරිපිටි මිලත් ඉහළට…

colombotoday

මෙවර පුංචි පහේ හපනා මීගමුවෙන්.. දිවයිනේ හොඳම ප්‍රතිඵල සමඟ කඩයිම් ලකුණු ලයිස්තුව මෙන්න

colombotoday

බැසිල් රාජපක්ෂ ගේ නම මැතිවරණ කොමිසමට නම් කර යවයි.

colombotoday

රවීට වළ කපන ළගම මිතුරා කවුද?… අගමැති රනිල්ද?… මලික් සමරවික්‍රමද?

colombotoday