Colombo Today Local News

එන්නත් දෙකම නැත්නම් විවාහ උත්සවවලට එන්න දෙන්නේ නෑ

කෝවිඞ් 19 වයිරස් මර්දන එන්නත් දෙකම නොගත් කිසිදු පුද්ගලයකු ඔක්තෝම්බර් 31දායින් පසු විවාහ උත්සව ශාලාවලට ඇතුලූ කර නොගැනීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා සුලූ සහ මධ්‍යම පරිමාන විවාහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති උපුල් ජයසේකර මහතා සඳහන් කළේය.

දැනට පනස් දෙනෙකුගේ උපරිම සීමාව යටතේ විවාහ මංගල උත්සව පැවැත්වීමට කෝවිඞ් මර්දන කමිටුවෙන් තම සංගමය අවසර ලබාගත් බව ද එම සංගමය කියයි.

නිරෝධායන සෞඛ්‍ය නීති ගැන වගකිමක් ගන්න කෙනෙක් නැති නිවෙස්වල එම උත්සවයන් පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස ද ඔහු බළධාරින්ගෙන් ඉල්ලා සිටියේය.

විවාහ මංගල උත්සව වලදී යම් පුද්ගල මීටරයේ දුරස් බව නැතුව, මුව අවාරණ නැතුව සිංදුවලට නටන්න ආවොත් විතරක් නෙමෙයි බීලා නටන්න ආවත් ඒ අයට සංගීතය සැපයීමෙන් වලකින්න ඇණවුම බාරගැනීමට පෙර කොන්දේසි දමා බාරගන්න කටයුතු කරන්නැයි එම සංගමයේ උසභාපති සංගීත ශිල්පී සාලිය දිනේෂ් මහතා සංගීත ශිල්පීන්ගෙන් ඉල්ලා සිටියේය.

Related posts

ඉන්දු පැසිපික් කලාපයේ වටිනාම භූමිය ඇත්තේ ශ‍්‍රී ලංකාවේ – ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය කියයි

colombotoday

සමාජ මාධ්‍ය පාලනයට පනතක් !!

colombotoday

ජනපති අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනවාලු

colombotoday

හෙට-අනිද්දා පැය 3කට වැඩි විදුලි කප්පාදුවක්

colombotoday

ජනතාව සහය ලබා දුන්නොත් රට වසා දැමීමේ අවශ්‍යතාවයක් නැහැ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

colombotoday

රට පුරා මහ වැසි… දිස්ත්‍රීක්ක 7ට නායයාමේ අනතුරු ඇඟවීම්

colombotoday