Colombo Today Local News

රට පුරා මහ වැසි… දිස්ත්‍රීක්ක 7ට නායයාමේ අනතුරු ඇඟවීම්


නිරිත දිග ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි පැය 48ක කාලය තුළ ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.‍‍‍

ගතවූ පැය 24ක කාලය තුල වැඩිම වර්ෂාපතනය පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලි මීටර් 140කි.

යාපනය අර්ධද්වීපය හැරුණුවිට දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි වර්ධනය විය හැකි බවත්,නිරිත දිග ප්‍රදේශය හා මධ්‍යම කඳුකරය ප්‍රදේශයේ තද වැසි අපේක්ෂා කළ හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 07 කට නායයාමේ අවදානමක් මතුව තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ වනවිට අනතුරු අඟවා තිබේ.

ඉතිරි පැය 24 ක කාලයක් සඳහා මෙම නාය යාමේ අනතුරු ඇඟවීම ප්‍රකාශයට පත්කර ඇත.

මේ අනුව බදුල්ල, මොනරාගල, මහනුවර, රත්නපුර, කුරුණෑගල, නුවරඑළිය, කෑගල්ල දිස්ත්‍රික්කවල කඳු ආශ්‍රිතව ජීවත්වන ජනතාව නායයාම්, කඳු කඩාවැටීම් හා ගල් පෙරළීම්, ගස් පෙරළීම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

ප්‍රභාකරන් මැරුණු දා රටම සතුටු වූණා වාගේ සුනිල් ජයවර්ධන මැරුවාම සතුටු වුණ පවුලේ දියණිය

colombotoday

කැබිනට් මණ්ඩලය 35කට ඉහළ නැංවීමට එජාපයෙන් යෝජනා

colombotoday

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 13 උදෑසන 4 දක්වා දීර්ඝ කෙරේ.

colombotoday

අධිකරණයෙන් කට්ටි පැන්න හිටපු කොටි නායකයෙක් අල්ලන්න වරෙන්තු !

colombotoday

සිංහලේ ගැන හොයන්න ජනපති කමිටුවක් දමයි

colombotoday

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

colombotoday