Colombo Today Local NewsTop Stories

11 දෙනෙකු අතුරුදහන් කිරීමේ නඩුවේ පැමිණිලිකරු චුදිත වෙන ලකුණු. කරන්නාගොඩට CID සිතාසිත් ලැබී නෑ.

පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට අදාලව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට ඊයේ (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දන්වා සිතාසි යැවූ නමුත් මේ වන විට පදිංචිව සිටින නිවසට නිසි පරිදි එම ප්‍රශ්න කිරීමට අදාළ කැඳවීම් ලිපිය නොලැබුණු බව සඳහන් කරමින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම මඟහැර ඇති බවට දිනමිණ පුවත් පත වාර්තා කර ඇති අතර අප සිදුකල සොයා බැලීමකදී කරන්නාගොඩ මහතාට එම සිතාසිය ලැබී නොමැති බව වාර්තා වෙනවා. මීට ඉහතදී කරන්නාගොඩ මහතා පදිංචිව සිටි කිරුළපන නිවසට අපරාධ පරීක්ෂණ නිලධාරීන් ගොස් ඇති අතර එම නිවසේ මේ වන විට වෙනත් පිරිසක් පදිංචිව සිටින බවත් කිසිදු දැන්වීමක් නිවැසියන්ට බාර දීමට කටයුතු නොකළ බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

මෙම සිද්දියට අදාලව 2009 මැයි 28 වන දින එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් තමන්ට ලැබුණු තොරතුරු මත සම්පත් මුණසිංහ නැමැත්තාට විරුද්ධව පොලීසිය වෙත පැමිණිලි කරනු ලබන අතර ඒ සමගම සම්පත් මුණසිංහ සේවය හැර ගොස් ඇත.

වසන්ත කරන්නාගොඩ මහතාගේ පැමිණිල්ල පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ වනවිට කොළඹ අපරාධ කොට්ඨය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට නියෝග කර ඇත.

එම නියෝගය මත කොළඹ අපරාධ කොට්ඨාශය පරීක්ෂණ මෙහෙයවන අතර 2009 ජුනි 6 වනදා එවකට කපිතාන් ජගත් රණසිංහ සහ කොමදෝරු උදය බණ්ඩාර යන නාවික හමුදා නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ජගත් රණසිංහ මේ වනවිට රියල් අද්මිරාල්වරයෙක් ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කරන අතර උදය බණ්ඩාර රියර් අද්මිරාල්වරක් දක්වා උසස්වීම් ලැබ විශ්‍රාම ගොස් ඇත.

2009 ජුනි 9 වනදා සම්පත් මුණසිංහ එවක හමුදාපති සරත් ෆොන්සේකා සොයා ගොස් ඇති අතර තමන්ට විරුද්ධව පැමිණිල්ල ඉදිරිපත් කල කරන්නාගොඩට එරෙහිව කරුණු රැසක් එහිදී සාකච්චා වී ඇති බව එම දිනවලදී රටේ ආන්දෝලනයක් ඇති විය. ඊට හේතුව වුවේ වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපති සහ සරත් ෆොන්සේකා යුධ හමුදාපති අතර සීතල යුද්ධයක් පැවතීමයි.

කෙසේ වෙතත් 2009 ජුනි 10 වනදා සරත් ෆොන්සේකා යුධ හමුදාපතිවරයාගේ බුද්ධි අංශය භාරව සිටි මේජර් නෙවිල් ප්‍රියන්ත අත්තනායක විසින් සම්පත් මුණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දෙන අතර එතෙක් පැමිණිල්ල පිළිබඳව මුලික විමර්ශන සිදුකල කොළඹ අපරාධ කොට්ටශයෙ වෙතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරි පරීක්ෂණ බාර දී ඇත.

මේ පිළිබඳව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගෙන් හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන නැති අතර ඉදිරියේදී පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ලෝක ප්‍රජාව සතුටු කිරීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමට සුධානමක් පවතින බවට නාවික හමුදාව තුල ආන්දෝලනයක් ඇතිවී ඇත.

Related posts

“අපේ මිතුදම ගැන අන්තවාදීන් වැරදි කතා කියනව” ජනපති සිරිසේන ඉන්දීය අගමැති මෝදිට කියයි

colombotoday

පිපිරීමක් සමග බස්රථයක් ගිනි ගනී.. 17ක් රෝහලේ

colombotoday

පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න – ජනපතිගෙන් උපදෙස්

colombotoday

මෙරට නීතියට අභියෝග කරන තැනට ඉස්ලාම් අන්තවාදීන් පත් වෙලා |අසාද් සාලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි මුසම්මිල් ඉල්ලයි

colombotoday

කෝටි දෙකකට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමින් අල්ලයි

colombotoday

මහින්දගේ සභාපතිත්වයෙන් පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්..

Admin