Colombo Today Local News

මහින්දගේ සභාපතිත්වයෙන් පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්..

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන විෂය හොබවන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත් කර තිබේ.

නොවැම්බර් 01වැනිදා සිට ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම කමිටුව පත්කර තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පණත යටතේ ජාතික කමිටුව පත්කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (04)රාත්‍රී නිකුත් කෙරිණි.

මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සාමාජිකයින් වන්නේ, ජයලත් රවි දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි, කේ තවලිංගම් හා අයි.ඒ.හමීඩ් යන මහත්ම මහත්මීන් ය.

Related posts

නාමල්ගෙන් මිලදී ගත් “මස්ටෑන්ග්” එක මුදාහරින්නැයි අධිකරණය නියෝග කරයි !

colombotoday

කඩුගන්නාව ප්‍රා. රෝහලේ බැම්මක් කඩාවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Admin

සැප්තැම්බර් උද්ධමනයේ වෙනසක්

Admin

මන්නාරමේ දරුවන් පැහැර ගැනීමේ තැතක් – පාසල් ඉදිරිපිටට සහ මංමාවත් වලට විශේෂ ආරක්ෂාවක්

Admin

පැහැරගත්තා කියන කාලය ඇතුලත ස්විස් එම්බසි සේවිකාව ශානි, කන්දප්පා සහ එජාප ලොක්කෙකු සමග කළ දේ හෙළිවෙය !

colombotoday

අද සහ හෙට ඉන්ධන බෙදාහරින පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday