Colombo Today Local News

උතුරේ වෙනම රටක්‌ හදන්න ඇමරිකාව සල්ලි විසිකරයි. | ප්‍රධානියෙකුට ලංකාවට එන්න අධිකරණ අමාත්‍යාංශයෙන් නිර්දේශ දීලා.

ඇමෙරිකානු යූ. එස්. ඒඞ් නැමැති සංවිධානය උතුරු නැගෙනහිර වෙනම රටක් බවට පත් කිරීම සඳහා දියත් කළ රහසිගත මෙහෙයුමක් රජය අනාවරණය කර ගෙන ඇත. මේ සඳහා ගත වූ කාලය මුළුල්ලේ ඩොලර් මිලියන 500 කට අධික මුදලක් වැය කර තිබේ.

මෙම තොරතුරු හෙළිවීමත් සමඟම යූ. එස්. ඒඞ් ආයතනයේ ප‍්‍රධාන නිලධාරියකු වූ ට‍්‍රැවිස් ගාඞ්නර් නැමැත්තාට රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයට පැමිණ එම රහස් වැඩපිළිවෙළ ගැන කරුණු දක්වන ලෙස නියෝග කර ඇතත් ඔහු එය ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

මෙම රහස් වැඩපිළිවෙල භාරව ක‍්‍රියා කළ ද්‍රවිඩ ජාතිකයා රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලය හඳුනා ගෙන ඇත.

මේ අතර යූ. එස්. ඒඞ් සංවිධානයේ ප‍්‍රධාන නිලධාරියකු වන ට‍්‍රැවිස් ගාඞ්නර් ශ‍්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා බලපත් ලබාගෙන ඇත්තේ අධිකරණ අමාත්‍යාංශයෙන් බවද හෙළි වී තිබේ.

එහෙත් අදාළ වීසා ලබාගැනීමට නිර්දේශ කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලය විසිනි.

උතුරු නැගෙනහිර වෙනම රටක් කිරීමේ රහස් වැඩපිළිවෙල සඳහා මොනරාගල ප‍්‍රදේශයේ කාර්යාලයක්ද පිහිටුවා ගෙන ඇතැයි පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

-Divaina –

Related posts

එජාපය එක්ක කන පරිප්පුව හොදටම ඇති.. ඡන්දෙන් පසු මහින්දත් එක්ක එක්වෙන්න වෙනවා

colombotoday

ගංගා රැසක් පිටාර මට්ටමේ.. දිස්ත්‍රික්ක 8ක යාමේ අවදානමක්

colombotoday

රැඳවුම්භාරයේ සිටින අසාද් සාලි ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

විදේශීය නාවිකයන් පිරිසක් මෙරටට ගෙන එයි

colombotoday

තඹ කම්බි ගන්න දුම්රියේ වයර් කැපූ අයෙක් අත්අඩංගුවට

colombotoday

49 වන ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි

colombotoday