Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ දිනය අදයි..

කතෝලික සභාව අද දිනය ‘කළු ඉරිදාවක්’ ලෙස නම් කර තිබේ.

ඒ, අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන්නැයි බලකරමින් ය.

කතෝලික අගරදගුරු පදවිය සඳහන් කළේ, දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවල අද(07)දින පැවැත්වෙන දේව මෙහෙයන් සදහා කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස කිතුණු ජනතාව දැනුවත් කර ඇති බවයි.

මීට අමතරව අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා සිදු කරන විශේෂ දේව මෙහෙයක් දේවස්ථානවල පැවැත්වීමට නියමිත ය.

අද පෙරවරු 8.45 ට දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම සීනු නාද කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව ද කතෝලික අගරදගුරු පදවිය සඳහන් කළේ ය.

මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරයට වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවීම වහාම කළ යුතු බව කතෝලික රදගුරු මණ්ඩලය පවසයි.

Related posts

අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනයට අනුමැතිය

Admin

ප්‍රහාරය එල්ල කළේ ඉස්ලාම් අන්තවාදීන්… නවසීලන්ත ප්‍රහාරයට පළිගැනීමක් – ආරක්ෂක ඇමති

colombotoday

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා දේවගැති ජෙරම්ගෙන් අධිකරණයට පෙත්සමක්

Admin

වැසි නැති දවසක්

colombotoday

කෘතීම සහල් හිඟයක් ඇති කරන්න හැදූ මෝල් හිමියන් දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

ගම්පහ කොල්ලයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday