Colombo Today Local News

එජාපය එක්ක කන පරිප්පුව හොදටම ඇති.. ඡන්දෙන් පසු මහින්දත් එක්ක එක්වෙන්න වෙනවා

එක්සත් ජාතික පක්ෂය සමග හවුලේ ආණ්ඩු කිරීමට ගොස් කන පරිප්පුව හොදටම ඇති වී ඇති බවත්, පළාත් පාලන මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා සමග එකතුවීමට අනිවාර්යෙන්ම සිදුවන බවත් බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

නව මැතිවරණ ක්‍රමය යටතේ එක් පක්ෂයකටවත් 50% ප්‍රතිශතයක් ලබාගත නොහැකි බැවින් ශ්‍රීලනිපයට අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය සමග එක්වීමට සිදුවන බව හෙතෙම කියා සිටී.

මැතිවරණයෙන් පසු ශ්‍රීලනිපය කිසිසේත්ම එජාපය සමග එක් නොවන බවද මහ ඇමතිවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පලකළේ පෙරේදා (20දා) කොළඹ ශ්‍රාවස්ති මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

Related posts

දේශය සුරැකි රන් අසිපත

colombotoday

ආපන ශාලාවක ගින්නකින් කොකියක් මිය යයි

colombotoday

ඉන්ධන ආනයනයට ඩොලර් සෙවීම කබ්රාල් බාර ගනී

colombotoday

එස්.බී. ට අලුත් ආණ්ඩුවේ තවත් පට්ටමක්…

colombotoday

කෙසෙල් කැනක් සොරකම් කර පලා යමින් සිටි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්

Admin

බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනයට අවසර

Admin