Colombo Today Local News

පක්‌ෂ නායකත්වයට නියම සුදුස්‌සා රවි කරුණානායක – හිටපු ඇමැති රත්තරන්(ක්‍රිෂාන්ත පුෂ්පකුමාර) කියයි

දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නගරාධිපති ප්‍රියන්ත සහබන්දු, ගාල්ල මහ නගර සභාවේ උප නගරාධිපති පවුසල් නියාස්‌ දක්‌ෂිණ ලංකා මාධ්‍ය සංවිධානයේ රැස්‌වීමට පැමිණ සිටියහ. මෙම රැස්‌වීම පැවැත්වූයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී යූ.එම්. තිලකරත්නගේ නිවසේදීය. රැස්‌වීමෙන් පසු තිලකරත්න පුංචි පහේ සාදයක්‌ද සංවිධානය කොට තිබුණේය.

රාත්‍රි කෑම මේසයේ දී රත්තරන් මන්ත්‍රීවරයා එජාප අර්බුදය ගැන කතා කළේය. මම එජාපයේ ඉන්නකොට රවි කරුණානායක පළාත් සභා මන්ත්‍රීවරු විශාල පිරිසක්‌ නඩත්තු කළා. ඇමැතිවුණාට පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද නඩත්තු කළා. එජාපය ශක්‌තිමක්‌ කරන්න එතුමා තමයි වැඩ කළේ. හරිනම් පක්‌ෂ නායකත්වයට නියම සුදුස්‌සා රවි කරුණානායක හිටපු ඇමැති රත්තරන් කීවේය.

මම නම් හිතන්නේ රවි කරුණානායක මන්ත්‍රීතුමාට ඇමැතිකමක්‌ ලැබේවි රත්තරන් කීවේය. හැබැයි රනිල් මහත්තයා කවදාවත් පක්‌ෂ නායකත්වයෙන් ඉවත් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක්‌ ඇතිවූ විට එතුමා හරිම නම්‍යශිලියි. එතුමා කරන්නේ කල් මැරෙන වැඩේ. එතුමා පක්‌ෂ නායකත්වයේ ඉන්නකම් ඒකාබද්ධයේ අපට නම් හොදයි රත්තරන් සිනහවෙමින් පවුසල් නියාස්‌ට කීවේය.

Related posts

කොරෝනා ආසාදනය වු දෙදෙනා ඇසුරු කළ 65 ක් හදුනාගැනේ !

colombotoday

ජනපතිගේ නිවස අසල පෙට්ටියක තිබී පිස්තෝල දෙකක් හමුවෙයි.

colombotoday

“අණ නොතකා යන රියකට වෙඩි තබන්න පොලීසියට බෑ“ – පොලිස් කොමිසම කියයි

colombotoday

නැප්තා නැතිව කැලණිතිස්ස ඇනහිටී

Admin

උඩුවේ හිමියන් ඇපමත නිදහස්

colombotoday

අපි ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් හදා එව්වා – ඇමරිකාව කියයි

colombotoday