Colombo Today Local News

කුළු හරක් 12 දෙනෙකු බේරාගත් නියෝජ්‍ය ඇමතිගේ මෙහෙයුම – වීඩියෝ සහිතයි

ඊයේ දහවල් නුවරඑළිය, අඹේවෙලට පැමිණෙමින් සිටි වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා 7 කණුව කන්දෙඇල රක්ෂිතයේ ගැටගසා සිටි කුලු හරක් 11 දෙනෙක් දැක තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සතුන් හිංසාකාරීව ප්‍රවාහනය කිරීමට සූදානමින් සිටි පිරිසකගෙන් ඒ ගැන විමසා තිබුණා.

පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පට්ටිපොල පොලීසියේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයට කැඳවුවේය.

අනතුරුව සතුන් ප්‍රවාහණයට සූදානමින් සිටි පිරිස ලවා ලොරි රථයට පටවා සිටි තවත් කුලු හරකෙකු ලිහා දැමීමට ද නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළේය.

පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නුවරඑලිය සහකාර ප්‍රාදේශිය ලේකම්වරිය හා වනජීවී නිලධාරීන් ද එම ස්ථානයට කැඳවා තිබුණා.

ඔවුන්ගෙන කළ ප්‍රශ්න කිරීමේදි සහකාර ලේකම්වරිය පවසා සිටියේ ප්‍රදේශයේ වගා හානි කරන මෙම සතුන් නුවරඑළිය සංවර්ධන කමිටු රැස්වීමේදී ගත් තීරණයකට අනූව අම්බලංගොඩ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානමින් පසුවූ බවයි.

කෙසේ වෙතත් පසුව සත්ව හිංසාව යටතේ සතුන් ප්‍රවාහණයට සූදානමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු හා රථ දෙකක් පට්ටිපොල පොලිසිය බාරයට ගත් බව වාර්තාකරු සඳහන් කළේය.

ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මෙවර මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම හෙට සිට

colombotoday

චැනල් ෆෝ නාලිකාව විකාශය කළ ආන්දෝලනාත්මක වීඩියෝව ඉවත් කර නැහැ

Admin

ආපන ආපනශාලාවක වෙඩි තැබීමක් – හිමිකරු මරුට

Admin

බැදුම්කර වාර්තාව ඉල්ලා රවී ජනපති කාර්යාලයට..

colombotoday

“රනිල් වහා අගමැති කළ යුතුයි… ජනපතිට දෝෂාභියෝගයක්“ – ජවිපෙ නිල මතය කියයි

colombotoday

කිලිනොච්චියේ මෝටාර් උණ්ඩයක් පුපුරයි.. මවකට, දුවකට බරපතලයි !

colombotoday