Colombo Today Local News

කිලිනොච්චියේ මෝටාර් උණ්ඩයක් පුපුරයි.. මවකට, දුවකට බරපතලයි !

කිලිනොච්චිය පලෙයි , මුහමාලේ ප‍්‍රදේශයේ අබිලි යකඩ අතර තිබූ මෝටාර් උණ්ඩයක් පුපුරායාමෙන් මවක සහ දියණියක තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි වාර්තා වේ.

තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා මුහමාලේ ප‍්‍රදේශයේ අබිලි යකඩ එකතුකර අලෙවි කරන්නන් බවත් මුහමාලේ බිම්බෝම්බ ඉවත් නොකළ කැළෑ ප‍්‍රදේශයේ තිබී ඊයේ (25) සවස යකඩ කැබලි තොගයක් නිවසට ගෙනවිත් ඇති බවත් ඔවුන් දෙදෙනා විසින් එලෙස රැගෙන ආ යකඩ කැබලි තොගයේ තිබූ මෝටාර් උණ්ඩය පරීක්ෂා කිරිමේදී එය පුපුරාගොස් ඇත.

මෝටාර් උණ්ඩය පුපුරායෑමෙන් තුවාල ලැබූ මව සහ දියණියගේ අත් සහ පාද බරපතල ලෙස තුවාල සිදුවී ඇති අතර ඔවුන් දෙදෙනා චාවකච්චේරි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා යාපනය මහරෝහල වෙත මාරුකොට යැවූ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related posts

වෙඩිතැබීමකින් කාන්තාවක් මරුට

colombotoday

“චෝදනාවෙන් රංජන් නිදහස් කරන්න” – රංජන්ගේ නීතිඥ සුමන්තිරන් අධිකරණයෙන් ඉල්ලයි

colombotoday

“ජනපති-අගමැති කියනවනම් මම ඉල්ලා අස්වෙනවා” – බදියුදීන්

colombotoday

රිෂාඩ් බදු­යු­දීන් රාජ්‍ය මුදල් අව­භා­විත කර­මින් මන්නා­රමේ ඉදි­කි­රීම් කරලා

colombotoday

රනිල් බේරගන්න සල්ලි බෙදන ඇමැති කවුද? විමල් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි (Video)

colombotoday

ලාංකිකයන් 30,000කට ඇමරිකාවේ රැකියා

colombotoday