Colombo Today Local News

ක්‍රිකට් ලෝලීන් නැවතත් කුපිත වෙයි.. පල්ලෙකැලේ පිටියට බෝතල්වලින් පහර දෙයි (Video)

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකාක කණ්ඩායම අතර පල්ලෙකැලෙ පිටියේ පැවැති තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දියාවට ලකුණු අටක් තිබියදී ප්‍රේක්ෂකයන් පිරිසක් පානීය ජල බොතල් පිටියට විසි කිරීමට කටයුතු කිරීමත් සමගින් තරගය තාවකාලිකව නැවැත්වීය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව සිය පන්දු ඔ්වර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලබා ගත් ලකුණු 217ට පිලිතුරු ලෙස ඉන්දීය පිල පන්දු වාර 43.6කදී කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 210ක් ලබා තිබියදී පේ‍්‍රක්‍ෂකයින් හිස් ජල බෝතල් ආදියෙන් පිටියට මෙසේ පහර දුන්හ.

කැරලි මර්ධන ඒකකය පිටියට පිවිස පිටිය වටා ගමන් කරන්නට වූ අතර ක‍්‍රීඩකයින් සියළු දෙනා පිටිය මැදට පැමිණියහ. ක‍්‍රීඩාංගණය ආසන්නයේ කැරලි මර්ධන ඒකක මෙන්ම ජල ප‍්‍රහාරක රථද කැදවා තිබිණි.

දඹුල්ල්ලේ පැවැති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරිමෙන් පසුවත් ප්‍රේක්ෂකයන් කලහකාරීව හැසිරිණි.

Related posts

විදුහල්පති සම්මුඛ පරීක්ෂණයට කැඳවීම 22 සිට ඇරඹේ

Admin

සංහිඳියාවේ නාලිකාව ළගදීම ඇරඹෙයි… වියදම කෝටි 18යි

colombotoday

ඥාණසාර හිමියන්ට ලබා දුන් දඩුවම ගැන එක්නැළිගොඩ බිරිඳ සතුට පළකරයි

colombotoday

බදු මුදල් වියදම් ගැන ජනතාවට වාර්තාවක් ලබාදෙන්නැයි මාන්නප්පෙරුමගෙන් යෝජනාවක්

Admin

ඉන්ධන හිගයක් ඇති වන බවට ප්‍රකාශයක් කළ ආනන්ද පාලිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට.

colombotoday

අලින්ට ලේසර් කිරණ අල්ලා කුලප්පු කරනවාද? – චන්න පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

Admin