Colombo Today Local News

“රනිල් වහා අගමැති කළ යුතුයි… ජනපතිට දෝෂාභියෝගයක්“ – ජවිපෙ නිල මතය කියයි

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැරදිකාරයෙක් වී අවසන් බවත්, ඔහුට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන කෙනාට අගමැති ධූරය ලබා දිය යුතු බව සඳහන් කරන මන්ත්‍රීවරයා එසේ නොමැති වුවහොත් මෙරට විශාල මූල්‍ය අර්බුදයක් ඇති විය හැකි බවද පවසයි.

“රටේ මුල් පුරවැසියා වැරැද්දක් කළා කියලා ඔප්පුවෙලා ඉවරයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන කෙනාට අගමැති ධූරය ලබා දිය යුතු වෙනවා. ඒ අනුව අලුත් ආණ්ඩුවක් පත්කිරිමත් වහාම සිදුවිය යුතුයි. නැත්නම් විශාල මූල්‍ය අර්බුදයක් ඇතිවෙනවා. වහාම ආණ්ඩුවක් පත්කිරිමට කටයුතු කළ යුතුයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

තොටලග කජීමාවත්ත ගින්නෙන් නිවාස අසූවකට හානි

colombotoday

කොවිඩ් වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ වෙනසක්

colombotoday

අංගම්පොර සටන් කලාව නීත්‍යනුකූල කිරිමට කැබිනට් අනුමැතිය

colombotoday

ප්‍රංශයට යවනවැයි කියා මුදල් ගැරූ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු අත්අඩංගුවට

Admin

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට

Admin

“ගෝඨාභය කිසිදු මූල්‍ය වංචාවකට සම්බන්ධ නෑ.. ඔහුව අත්අඩංගුවට ගන්නෙත් නෑ” – ඇමති අමුණුගම

colombotoday