Covid 19World

තබ්ලික් ජමාත් නිසා පකිස්තානයත් අබ්ලික්. අතිවිශාල රැස්වීමක් පවත්වලා. ඉස්ලාම් දේශකයන් 40 කටත් කොරෝනා

ඉස්ලාමීය මිෂනාරි ව්‍යාපාරයක් වන තබ්ලික් ජමාත් පසුගිය මාසයේ පැවැත්වූ විශාල රැස්වීමක්හේ හේතුවෙන් පාකිස්තානය කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඩ පැවැත්වීමේ අර්බුදයකට මුහුණ දී තිබෙනවා. මෙම සමුළුව පැවැත්වීමෙන් පසු ගාසා තීරය දක්වා දුර බැහැර ප්‍රදේශවලට ද වෛරසය පැතිරීමේ අවදානමක් ඇතිවී තිබෙනවා.

මාර්තු මැද භාගයේදී ලාහෝරයට දකුණින්, රයිවින්ඩ් හි පිහිටි තබ්ලික් ජමාඅත්හි වාර්ෂික සමුළුවට 250,000 ක් පමණ ජනයා පැමිණ ඇති බව වාර්තා වේ.

දින තුනක් පුරා රටවල් විශාල සන්කයාවක් නියෝජනය කරමින් පුද්ගලයන් පැමිණ මෙම සමුළුව පවත්වා ඇත.

කෙසේ වෙතත් පසුගිය නමුත් බ්‍රහස්පතින්දා(2) පාකිස්තාන බලධාරීන් මුළු රයිවින්ඩ් නගරයම නිරෝධායනයකට යටත් කර ඇති අතරවෙළඳසැල් වසා දමා මිනිසුන්ට ඇතුළුවීම හෝ පිටවීම තහනම් කර ඇත. තබ්ලික් ජමාඅත් දේශකයින් 40 දෙනෙකුට පමණ වෛරසය ආසාදනය වී ඇති බව පරීක්‍ෂා කිරීමෙන් පසුව අනාවරණය වී ඇත.

පාකිස්තානය සියළුම ජාත්‍යන්තර ගුවන් ගමන් නවතා දැමූ බැවින් 600 ක් පමණ විදේශිකයින් පිරිසක් මේ වන විට රයිවින්ඩ් හි රැඳී සිටින බව වාර්තා වේ.

තබ්ලික් ජමාත් ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව පරීක්‍ෂා කිරීමේදී සොයාගෙන ඇත.

Related posts

අද දැනට කොවිඩ් ආසාදිතයන් 559ක්

colombotoday

‘මැණිකේ මගේ හිතේ ‘ හින්දියෙන් ගායනා කළ “Thank God” සිනමාපටයට නඩු

colombotoday

ආගමික විශ්වාසයන් සිවිල් සමාජයට නොගැළපේ ! ප්‍රංශ අධිකරණය මුස්ලිම් කාන්තාවකගේ පුරවැසිභාවය අත්හිටුවයි

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,579ක්

colombotoday

තවත් කොවිඩ් ආසාදනය වූ රෝගීන් 1,782ක්

colombotoday

මනුෂ්‍ය ඝාතනයක් කල කුකුළෙක් අල්ලයි

colombotoday