Colombo Today Local Newsfeatured

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සුදු අලියෙක් වෙයි. ශ්‍රමිකයන් දසදහස් ගණනක් කබලෙන් ලිපට

කුවේටයේ ශ්‍රීලංකා තානාපති කාර්‍යාලය සම්බන්ධයෙන් පසුගිය දින වල බොහෝ සෙයින් කතා බහට ලක්වුනි. කුවේටය ලොක් ඩවුන් කල සමයේ එහි සේවය කල දහස් ගණනක් වූ ශී ලාංකික ශ්‍රමිකයන් බොහෝ අපහසුතා රැසකට මුහුණ පෑ අතර මේ සම්බන්ධයෙන් තානාපති කාර්‍යාලය නිහඩ පිළිවෙතක් අනුගමනය කරන ලදි. කිසිදු ශ්‍රමිකයෙකුට ඉන් සෙතක් සලසන්නට වෑයමක් නොගත් අතර කෑම මලු පහක් දහයක් අතර ප්‍රමාණයක් තානාපති කාර්‍යාලයේ හිතවත් අය අතර පමණක් බෙදා දුන් බවට එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් චෝදනා කරයි.

තානාපති කාර්‍යාලය පිලිබද නැවතත් මත බේදයක් හට ගත්තේ කුවෙටයේ සේවය කල ශ්‍රමිකයින් පිරිසක් කුවේට් රජයේ අනුග්‍රහය මත ලංකාවට පිටත් කර පැමිණි මොහොතේය. එහි ආ මගීන්ගේන් 350 කට ආසන්න පිරිසක් කොරෝනා වැලැදුනු අයවලුන් වේ. මෙම සිදුවීමද තමා අත වරදක් නැති බව කියා ඇග බේරාගත් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති ජෞහාර් නමැත්තා සදහන් කරන්නේ සියල්ලන් පරීක්ෂණ කර එවු අයවලුන් බවය.

ඉන් අනතුරුව මෑත කාලීනව කුවේට් තානාපති කාර්‍යාලය දින ගණනාවක් වසා දැමුවේ එහි සේවය කරන සේවකයන් හා නිළදාරීන්ට කොරෝනා වැළදී ඇති බව කියමිනි. ඉන් තවත් අසරණ තත්වයට පත් උනු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තම උපන් රට වෙනුවෙන් තමා නියෝජනය කරන ප්‍රධානම ආයතනය වන තානාපති කාර්‍යාලය දිගින් දිගටම මෙසේ ක්‍රියා කිරීම පිළිබඳව ඉතාමත් කලකිරීමට පත්ව ඇත. මොවුන්ගේ සහ මෙම තානාපතිවරයාගේ මෙකී ක්‍රියාකලාපය ඔස්සේ වැඩිම අප්‍රසාදයට පත් වන්නේ පවතින වත්මන් ආණ්ඩුවයි. එමෙන්ම අතිගරු ජනාධිපතිතුමා ගොඩනගාගත් ප්‍රතිරූපයයි. ඔක්තෝබර් 18 දින මෙකී තානාපති කාර්‍යාලය අර්ධ වශයෙන් විවෘතකල බව ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුමේ පල කල අතර කිසෙවෙකුට කිසිවිටෙකත් තානාපති කාර්‍යාලයට නොපැමිනෙන ලෙසටද එහි සදහන් කර ඇත. සියලුම අවශ්‍යතා සඳහා පෙර අමතා දිනයක්, කාලයක් වෙන් කර පැමිනෙන්නටයැයි ඔවුන් විසින් දුරකථන අංක කිහිපයක් සඳහන් කර ඇත. නමුත් සිය දහස් ගණනක් ශ්‍රමිකයන් මෙම අංක අමතා ඇති අතර එකී අංක කිසිවක් භාවිතයේ නැති අතර තවත් අංකයක් එන ඇමතුම් විසන්දි කරමින් සිටී.

මෙවන් අවස්ථාවක ඉපදුන රටටද පාපයක් වෙමින් හැසිරෙන නිළධාරීන් මෙන්ම පෙර රජය සමයේ සිට සේවයේ නියුතු තානාපතිවරයා මෙලෙස හැසිරෙන්නේ ශ්‍රමිකයන්ට මැරෙන්නට හෝ ඉඩ හැර පවතින රජය අපහසුතාවයට පත් කිරීමේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරන ආකාරයෙන් බව පෙනී යයි. මේ පිළිබඳව වහා සොයා බැලීම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේත්, ගරු අමාත්‍යංශ ලේකම් ජයනාත් කොළඹගේ මැතිතුමාගේත් වගකීමකි. කුවේට් තානාපති කාර්යාලයේ වගකීම් විරහිත හැසිරීම පිළිබඳව වහා පරීක්ෂණයක් සිදුකර තානාපති කාර්‍යාලයේ නිළදාර න් හා තානාපතිවරයා නැවත රටට කැඳවා හෝ එරට සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැඩ කරන කාර්‍ය්ක්ෂම නිලධාරීන් පත් කර රජයේ ගෞරවයත් රටේ ගෞරවයත් සුරැකීමට ක්‍රියා කරන ලෙස එරට ජිවත් වන ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටියි.

සටහන – ඩොන්

Related posts

වව්නියාවේදී දෙමළ සහ මුස්ලිම් පිරිසක් ගැටෙයි.. ගුටිකෑ තුනක් රෝහලේ

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කරයි

Admin

මෙරට බීජ අයිතිය පැහැර ගැනීමේ තැතක්… ඉන්දියානු සමුළුවක් දැන් කොළඹ හෝටලයක..

colombotoday

“ලාංකිකයන් 40ක් ඉරාක – සිරියා සටන් බිමේ.. ලාංකික මුස්ලිම් සමාජය තුළ ISIS මතවාද වර්ධනය වෙමින් පවතිනවා” රොහාන් ගුණරත්න

colombotoday

කොස්ගොඩ සුජීගේ සමීපතයෙක් වෙඩි තැබීමකින් මරුට

Admin

ඉන්දු – පාකිස්තාන ගැටුම් ගැන ලංකාවේ දැඩි කනස්සල්ල

colombotoday