Colombo Today Local News

“ලාංකිකයන් 40ක් ඉරාක – සිරියා සටන් බිමේ.. ලාංකික මුස්ලිම් සමාජය තුළ ISIS මතවාද වර්ධනය වෙමින් පවතිනවා” රොහාන් ගුණරත්න

ශ්‍රී ලාංකිකයන් 40ක් පමණ ඉරාකයේ සහ සිරියාවේ අයි එස් යුද්ධයට සම්බන්ධව සිටින බව ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබද ප්‍රවීන විශ්ලේෂක ආචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි.

යුද්ධයට මැදවී සිටින පිරිස් නැවත ශ්‍රී ලංකාවට යෑමට බලාපොරොත්තු වන බවත්, ඔවුන් ඉරාකය හා සිරියාව අතර ගමන් කරමින් සිටින අතර එහිදී සමහරක් මිය යන බවද පවසන ගුණරත්න මහතා ඔවුන් නැවත ලංකාවට පැමිණි විට පුනරුත්ථාපනය කළ යුතු බවද පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රධායික ඉස්ලාමීය සමාජය තුළින් අයි එස් අයි එස් මතවාද වර්ධනය වෙමින් පවතින බවත්, අන්තවාදය හා ප්‍රචන්ඩත්වය පාදක කරගත් අනුබද්ධ කණ්ඩායම් ඉදිරියේදී බිහිවිය හැකි බවටත් ‍ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ රජය, මුස්ලිම් නායකයන්, ඉස්ලාමීය තරුණ තරුණියන් අයි එස් අයි එස් හා අන්තවාදී ඉස්ලාමීය ආගමික ප්‍රචාරන වලට ගොදුරු වීමට තිබෙන ඉඩකඩ ඇහිරිය යුතු බවත් පෙන්වා දෙන රොහාන් ගුණරත්න මහතා, අධ්‍යාපනය සදහා යේමනය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, සිරියාව, ලිබියාව, ඉරාකය වැනි ගැටුම් පවතින ප්‍රදේශවලට ශ්‍රී ලාංකිකයන් නොයන බවට සහතික කරගත යුතු බවද යෝජනා කරයි.

Related posts

උතුරු පයාගලදී පුද්ගලයකු කපා ඝාතනය කරයි

colombotoday

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකගේ අවසන් කටයුතු හෙට

colombotoday

නියෝජ්‍ය කතානායකටත් ඉවත්වන ලෙස දැනුම් දෙයි?

Admin

බ්‍රිතාන්‍ය ඇමති ළග තබාගෙන විග්නේශ්වරන් හමුදාවට බැනවදී, ආක්‍රමණික හමුදාවක් බව කියයි!

colombotoday

SBගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීමට ගෝඨාගේ කනගාටුව

colombotoday

මොරගහකන්ද ප්‍රධාන වේල්ලේ ජල කාන්දුවක්

colombotoday