Colombo Today Local News

මෙරට බීජ අයිතිය පැහැර ගැනීමේ තැතක්… ඉන්දියානු සමුළුවක් දැන් කොළඹ හෝටලයක..

අද(05) සහ හෙට කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන ඉන්දියානු බීජ නිෂ්පාදන සමාගම් සංවිධානය කර ඇති වැඩමුළුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කිසිදු සම්බන්ධයක් නොමැති ශ්‍රී ලංකාව කෙරෙහි අතිශය අන්තරායකාරී ලෙස බලපාන ක්‍රියාවක් බව සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් සහ ජ්‍යෙෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර යන මහත්වරු පෙන්වා දෙති.

මෙය මෙරට දේශීය බීජ වල අයිතිය පැහැර ගැනීමට දරන උත්සාහයක් බවත් මෙම සමුළුව සඳහා ඉන්දීය බිජ නිෂ්පාදන සමාගම් 700ක පමණ නියෝජිතයන් සහභාගී වන බවත් කාරියවසම් මහතා පවසන අතර චාමිකර මහතා පවසනුයේ මෙරටට විදේශයෙන් බිජ ගෙන්වීමේදී ශාක නිරෝධන ආයතනයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වන අතර මෙලෙස පදනමකින් තොරව බිජ ආනයනය නිසා මෙරට වගාවන්ට රෝග කාරක පැතිර යාමේ බිහිසුණු අවධානමක් පවතින බවය.

එමෙන්ම මෙම සමුළුව මෙරට බිජ නිෂ්පාදන සමාගම් වලට කිසිදු සම්බන්ධයක් නොමැති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රෝහාන් විජේකෝන් මහතා කියා සිටී.

Related posts

“මට සුපිරි එන්ජිමක් තියනවා, සුපිරි ඩයිනමෝවක් තියනවා” – සජිත්

colombotoday

මිලේච්ඡ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයට අදට මාස 3 යි…

colombotoday

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ ජාවාරම කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන්නැයි උපදෙස්..

Admin

බෞද්ධයන්ට එරෙහි ජිහාඩ් යුද්ධය ඇරඹිලා – විරතු හිමි සමග සිදුකල විශේෂ සාකච්චාව

colombotoday

කැනඩා පනින්න ගිය උද්දිකට වෙච්ච වැඩේ

Admin

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක් කොවිඩ් ආසාදනය වී මරුට

colombotoday