BusinessColombo Today Local News

ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරුවකට ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමක් අත්සන් කරයි

COVID-19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති විදේශ සංචිත ඉහළ නැංවීම සහ රටේ මූල්‍ය ස්ථායිතාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු පහසුකමක් ලබා දීමට The Reserve Bank of India (RBI) ශ්‍රී ලංකාව සමග ගිවිසුමක් අත්සන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වර්තා කර සිටියි.

කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ මුදල් හුවමාරු කිරීමේ විධිවිධානය 2022 නොවැම්බර් දක්වා පවතින බවයි. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මැයි මාසයේදී ඩොලර් බිලියන 1.1 ක මුදල් හුවමාරු පහසුකමක් සඳහා ඉන්දියාවට ඉල්ලීමක් කර තිබුණි.

“The Reserve Bank of India 2022 නොවැම්බර් දක්වා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු පහසුකමක් සඳහා ලියවිල්ලක් අත්සන් කළා” යැයි The Indian Mission ටුවිටර් පණිවිඩයක් ද නිකුත් කර ඇත.

2020 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 6.7 ක් වූ අතර, ජූලි 17 වන විට ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය වාර්තාගත ඉහළම ඩොලර් බිලියන 517.63 ක් විය.

Related posts

“රාජිතට විරෝධය පා, කොඩි ඔසවන්න”

colombotoday

කාන්තාවන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටී රෝහලේ…

Admin

අගමැති කාර්යාලයේ දේපල සොරාගත් අයෙක් අල්ලයි

colombotoday

ත්‍රිමලේ වරාය ඉන්දියාවට දුන්නොත් ජාතික ආරක්ෂාවට අනතුරක් – ආරක්ෂක ප්‍රධානීන් අනතුරු අගවති

colombotoday

ජනබලය කොළඹට ජනරැළිය කොළඹ ලේක් හවුස් වටරවුමේදී

colombotoday

හරක් කටා පන්නන්න හැදූ සිද්ධියට ස්නයිපර් සෙබළෙක් අත්අඩංගුවේ

Admin