Colombo Today Local Newsfeatured

සාගර ගේ ගම්මන්පිල විරෝධය ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට ඒමේ විරෝධය මැඩ පැවැත්වීමට ගහපු ගේම් එකක් ?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල ඉල්ලා අස්විය යුතු බවට නිවේදනයක් නිකුත් කිරීම විමල්-ගම්මන්පිල කඳවුරේ ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට ඒමේ විරෝධය මැඩ පැවැත්වීම සඳහා සිදුකරන ලද උපාය මාර්ගික මෙහෙයුමක් බවට දේශපාලන ලෝකයේ කතා බහක් ඇතිවී තිබෙනවා.

ද්විත්ත පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර හෝ ජනාධිපති ධූර දැරීම වළක්වාලමින් 19 වන සංශෝධනයේදී පනවා තිබූ වගන්ති ඉවත් කිරීම පිළිබඳව 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරන අවස්ථාවේදී දැඩි විරෝධයක් රට තුල ඇතිවිය.

කෙසේ වෙතත් එම වගන්ති ද සමගින් මාස 6ක් තුල නව විවස්තාවක් ගෙන එන බවට රජය එම අවස්ථාවේ පොරොන්දු විය. මේ වන විට එම කාල සීමාව ඉක්මවා ගොස් ඇත.

20 වන ආණ්ඩුක්‍රම විවස්තා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීම පිළිබඳව 2020 ඔක්තෝම්බර් 22 බොරැල්ල එන් එම් පෙරේරා කේන්ද්‍රයේ දී අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල,වාසුදේව නානායක්කාර සහබාගි වූ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙලෙස පැවසීය…

මම හිතනවා ලැජ්ජාවක් බයක් තියෙන කිසිම ද්විත්ත පුරවැසියෙක් මේ කෙටිකාලය ඇතුලත පාර්ලිමේන්තුව ඇතුලට රිංගන්න කටයුතු කරන එකක් නෑ කියලා. ලැජ්ජා බය දශමයක්වත් තියෙනවනම් කිසිම ද්විත්ත පුරවැසියෙක් මේ කෙටිකාලය තුල මේ ඇරිච්ච දොරෙන් ඔලුව දාන එකක් නෑ කියලා හිතනවා.

සම්පුර්ණ මාධ්‍ය හමුව

මේ අතර ඇමරිකානු ද්විත්ත පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සඳහා සුධනම් වන බවට පසුගිය සතියේ මාධ්‍ය වාර්තා පල විය. එය තහවුරු කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ඊයේ (28) කියා සිටියේ තම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා වන බවත් ඔහුව පාර්ලිමේන්තු ගෙන ඒම සඳහා අමුතුවෙන් කැම්පේන් කිරීම අනවශ්‍ය බවත් පැවසීය.

අදාළ මාධ්‍ය හමුව..

මේ සියලු කාරණා එකින් එකට පෙළ ගස්සවා බලන විට පසුගිය කාලය තුල සිදුකෙරෙනු උපාය මාර්ගික මෙහෙයුම් පිළිබඳව වැටහීමක් ගත හැකිය..

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin

හෙට පාර්ලිමේන්තුව රැස් කරනවා… මම බහුතරය පෙන්වනවා…

colombotoday

රටටම කුණු කේක් කවා මාට්ටු වූ “මදීනා ෆුඩ්ස්” අලුත් නමකින් එයි !

colombotoday

ඩුප්ලිකේට් ෂර්ලොක් හෝම්ස්ලාගේ නොනවතින බුද්ධි අංශ දඩයම!

colombotoday

හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් දෙන මාසික දීමනාව දෙගුණයක් කරන්න, විග්නේශ්වරන් අගමැතිගෙන් ඉල්ලයි!

colombotoday

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා අන්තවාදීන් සුරතල් කල් කර භික්ෂූන් වහන්සේලාට චෝදනා කරයි

colombotoday