Colombo Today Sports News

වසර 15කට පසු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අවසන් මහා තරඟයකට

වසර 15කට පසු ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ බංග්ලාදේශය සමග ඊයේ (16) පැවති තරගය ජයගැනීමත් සමගය.

ශ්‍රී ලංකාව එම තරගය ගෝල 2ට 1ක් ලෙස ජයගත් අතර ඒ අනුව ශ්‍රී ලංකාව සීෂෙල්ස් කණ්ඩායම සමඟ ලබන 19 වැනිදා අවසන් මහා තරගයට පිවිසෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම 2006 වසරේ පැවති දකුණු ආසියානු තරගාවලියෙන් පසු ජාත්‍යන්තර තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලබාගත් ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි.

Related posts

බංගලාදේශය 82ට දැවී යයි. ශ්‍රී ලංකාවට කඩුළු 10ක ජයක්…!!!

colombotoday

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

Admin

දකුණු අප්‍රිකාවෙන් ඉන්දියාවට ලකුණු 438ක දැවැන්ත ඉලක්කයක් – ලංකාවේ ලෝක වාර්තාව ලකුණු හයකින් බේරෙයි

colombotoday

ධනුෂ්කට එරෙහි තහනම ඉවතට

Admin

ධනුෂ්ක, දීක්වැල්ල සහ මෙන්ඩිස් නොමැති ජාතික ක්‍රීඩක ගිවිසුම ක්‍රිකට් ක්‍රීඩකයින් 18ක් අත්සන් කරයි

colombotoday

දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා යුපුන් අද ඔලිම්පික් තරඟ බිමේ

colombotoday