Colombo Today Local News

චන්දිමාල් ගේ උපන්දින පාටියට අවසර දීම. ෂැන්ග්‍රි-ලා හෝටලයේ කළමනාකාරිත්වයට එරෙහිව නඩු

ඉරිදා රාත්‍රියේ දිවයින පුරා සීමාවන් පවතින විට උපන්දින සාදයක් පැවැත්වීම සඳහා අවසර ලබා දීම හේතුවෙන් කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ කළමනාකාරිත්වයට එරෙහිව කොටුව පොලිසිය විසින් නඩු පැවරීමට සුදානම් වන බව ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් හෝටලයේ උපන්දින සාදයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ පොලීසිය විසින් උත්සව සංවිධායක වන චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක් වන පියමි හන්සමාලි අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔවුන්ට අධිකරණය මගින් ඇප ලබා දෙන ලදි.

මෙම සාදයට අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු සහභාගී වී ඇති බව වාර්තා විය.

මේ වනවිට පොලිසිය පුද්ගලයන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර සීසීටීවී දර්ශන මගින් අනෙක් අය හඳුනා ගැනීමට පරීක්ෂණ පැවැත්වේ.

COVID-19 පැතිරීම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු රජය විසින් සියලු රැස්වීම්, සාද, මංගල උත්සව ආදිය තහනම් කර ඇත.

Related posts

මාස 10ක් තුළ ලාඳුරු රෝගීන් 1250 ක්..

Admin

එකම රටකට නීති දෙකක්! යාපනයට විතරක් බුද්ධාගම අකැප ඇයි? බුදු කුටිය අතුරුදන් කළ වව්නියාව මණ්ඩපය

colombotoday

ඇමති රිෂාඩ් පිට පිටම දෙවන වරටත් CID යෙන් කට්ටි පනී !!

colombotoday

රහස් ඡන්දයක් තියා එජාප නායක තේරිය යුතු බව නවින් දිසානායක කියයි

colombotoday

අනුරුද්ධ සම්පායෝට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

colombotoday

සා/පෙළ විභාගය අදින් අවසන්..

Admin