Colombo Today Local News

සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට පැමිණි නුවරඑළියේ පිරිස ආපසු හරවා යැවේ.

සමගි ජන බලවේගය විසින් (16) දින කොළඹදි පැවැත්විමට නියමිත උද්ඝෝෂණයට සහභාගි විම සදහා නුවරඑලිය ප්‍රදේශයෙන් කොළඹට පැමිණෙමින් සිටි සමගි ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් ආපසු හරවා යැවිමට පොලිසිය කටයුතු කරනු ලැබුහ.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේදි පොලිස් මාර්ග බාධකයක් යොදවමින් ඩයගම , තලවකැලේ සහ දිඹුල පතන පොලිසියේ නිලධාරින් එම මාර්ගයේ ධාවනය වන සියළුම බස් රථ (16) දින උදැසන සිටි පරික්ෂාවකට ලක් කරන අතර,එහිදි ව්‍යාජ තොරතුරු පොලිසිය වෙත ඉදිරිපත් කරමින් බස් රථ වලින් පැමිණි පිරිස එම ස්ථානයෙන් යැමට උත්සහ කිරිමේදි එම ස්ථානයේ රැදි සිටි පොලිස් නිලධාරින් මහර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති වාරණ නියෝගයක් බස් රථයේ සිටි සියළු දෙනා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය.

පසුව බස් රථයේ පැමිණ පිරිස අධිකරණ නියෝගයට ගරු කරමින් ආපසු බස් රථය නුවරඑලිය දක්වා ධාවනය කල අයුරු අප කැමරාවේ සටහන් විය.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ආණ්ඩුවේ පත්තරේ ජනමාධ්‍ය ලේකම්වත් බයිට් කරයි.. ඡායාරූපයක් අමුතු විදිහට විකෘති කරලා !

colombotoday

පොහොට්ටුවේ ඡන්දය අයවැයට එරෙහිවයි… මහින්දත් සූදානම්…

colombotoday

මැයි 9 මන්ත්‍රී නිවාසවලට පහරදුන් තවත් පහක් අත්අඩංගුවට

colombotoday

මූතූර්හී දී පොලිසියට ප්‍රහාර – හෙල්මට් නීතිය මුතුර් සහ කාන්තන්කුඩියෙන් ඉවතට?

colombotoday

කලකිරුණු අලින් සමග තිස්ස අලුත් යූඇන්පියක් හදයි

colombotoday

ලබන වසර මුල වනවිට රටේ ප්‍රශ්න විසදෙන බවට මහින්දානන්ද කියයි

colombotoday