Colombo Today Local News

ආණ්ඩුවේ පත්තරේ ජනමාධ්‍ය ලේකම්වත් බයිට් කරයි.. ඡායාරූපයක් අමුතු විදිහට විකෘති කරලා !

පත්තර කලාවේ මහ ගෙදර ලෙස හැදින්වෙන දිනමිණ පුවත්පතේ වත්මන් මාධ්‍ය භාවිතාව පිළිබදව පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී විවේචනාත්මක අදහස් පලවුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡායාරූපයක් විකෘති කර පලකළ බවටත් මෑතකදී චෝදනා එල්ලවූණා. ඒ චෝදනා අතරට එක්වන අලුත්ම චෝදනාව තමයි දිනමිණ, ජනමාධ්‍ය ලේකම්වරයාගෙත් ඡායාරූපයක් විකෘති කරල අමුතු වැඩක් කරලයි කියන කතාව.. ඒ ගැන මුහුණුපොතේ පලවූ සටහනක් පහතින්

“මෙතෙක් කලක් ජනපතිට අපහාස කළ ලේක්හවුස් ආයතනය ජනමාධ්‍ය ලේකම්ටත් අපහාස කිරීම අරඹයි

පුද්ගලයෙකුට සියුම් ලෙස අපහාස කරන්නේ කෙසේදැයි ලේක්හවුසිය මුල් පිටුවේ ප්‍රධාන ඡායාරූපයෙන් පෙන්වා දෙයි. ඡායාරූපයක් සංස්කරණය කර නිමල් බෝපගේ මහතාට කුසුම් රේණු මහත්මියගේ කකුල පාගවයි.

සරසවිය සම්මාන උළෙල වෙනුවෙන් පැවැත්වෙන සිනමා සතියේ ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා ලැබ තිබුණේ නිමල් බෝපගේ මහතා වන අතර ගෞරවනීය ආරාධිතයා ලෙස ආරාධනා ලැබ තිබුණේ පුන්‍යා හීන්දෙනිය මහත්මියයි. නමුත් ඒ කිසිවක් කිසිඳු ආකාරයකින් නොදක්වා ඉතාමත් අපහාසාත්මක ආකාරයෙන් පුවත වාර්තා කිරීම අයත් වන්නේ කුමන මාධ්‍ය සදාචාරයකටද?“

(සටහන – අරුණළු සදාහරිත FB)

[fbvideo link=”https://www.facebook.com/arunalub/videos/10208652776022972/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මවක් කැලණි ගඟට විසිකළ දරුවාගේ සිරුර හුමුවෙයි.

colombotoday

මැතිවරණ සමයේ පොදු දේපල අවභාවිතය පිලිබඳ වාර්තාව එළිදකී – පොදු දේපල අවභාවිත සිදුවීම් 180 ක්

colombotoday

කොරෝනා මැද්දේ අසුනට රණ්ඩු කළ ලාංකික මගීයාව සෞදියේදී ගුවන් යානයෙන් බස්සවයි

colombotoday

නිවසටම ගිහින් කොවිඩ් රෝගීන්ට බෙහෙත් කරපු හොර දොස්තර අතටම මාට්ටු

colombotoday

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහටත් කොවිඩ්

colombotoday

බෞද්ධ කොඩියක් එසවූවායැයි යාපනේ නොසන්සුන්තාවක්..

colombotoday