Colombo Today Local News

නුගේගොඩ “රෝයල් ඉන්ස්ටිටියුට්” ජාත්‍යන්තර පාසල නීතිවිරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

නුගේගොඩ පල්ලිය පාරේ පිහිටා තිබෙන රෝයල් ඉන්ස්ටිටියුට් (Royal Institute) ජාත්‍යන්තර පාසල සහ පෞද්ගලික අධ්‍යාපන ආයතනය නීතිවිරෝධී ආයතනයක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (03) තීන්දු කරන ලදී. ඒ එම ආයතනය මාස 03ක් ඇතුලත එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙස නියෝගයක්ද පනවමින්ය.

සිසිර ජේ ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටි.බි. දෙහිදෙණිය නම් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දෙන ලදියි.

පල්ලිය පාරේ පිහිටා තිබෙන රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනය නීතිවිරෝධී අයුරින් නුගේගොඩ මිශ්‍ර සංවර්ධන කළාපය තුල ගොඩනැගිලි ඉදිකිරිම සහ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් 16 දෙනෙක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදියි.

රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනය විසින් නීතිවිරෝධී ආකාරයෙන් ගොඩනැගිලි ඉදිකිරිම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් විසින් කෝට්ටේ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනය ඇතුළු වගඋත්තරකරුවන් 18ක් මෙම මුලික පෙත්සමට අදාළව ලෙස නම් කර තිබුනා.

මේ වන විට රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනය විසින් නුගේගොඩ පල්ලිය පාරේ අංක 10 සහ 12 යන ස්ථානයේදී ඉදිකර ඇති සියළුම නීතිවිරෝධී ඉදිකිරීම් අද දින සිට මාස තුනක් ඇතුලත කඩා ඉවත් කරන ලෙසත් එම ස්ථානයේ ජාත්‍යන්තර පාසලක් හා අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යාමට ලබාදී ඇති බලපත්‍රයද අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

Related posts

ප්‍රතිව්‍යුහගතකරණයට මුවා වී රාජ්‍ය වැවිලි සමාගමත් විකිණීමට සැරසේ !

colombotoday

දේශීය ආදායම් පනතට IMF අත තියයි.. සංශෝධනය කරන්න ඉල්ලයි.. සම්බන්ධීකරණය මුදල් අමාත්‍යාංශයෙන් !

colombotoday

රටවල් හයකට ගාස්තු අය කිරීමකින් තොරව වීසා ලබාදීම ගැන නිවේදනයක්

Admin

මුදල් කාරක සභාවට තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක්

colombotoday

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අනිද්දා අරඹයි

colombotoday

අරගලයට සහය දුන් බ්‍රිතාන්‍ය තරුණියගේ පෙත්සම විසිවෙයි

colombotoday