Colombo Today Local News

රවීට ඇමතිකමක් දෙන්න.. නීතිපති නිර්දේශ කර එවූ ලිපිය රනිල් හංගලා…!

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට නැවත අමාත්‍යධුරයක් ලබා දීම සඳහා ජනාධිපතිවරයා නීතිපතිවරයාගෙන් කරුණු විමසා තිබුණි. ඒ අනුව පසුගිය දින කිහිපයේම ජනාධිපතිවරයා ඊට පිළිතුරු අපේක්ෂාවෙන් ඉඳ ඇති අතර එහෙත් නීතිපතිවරයාගෙන් ප්‍රතිචාරයක් නොමැති වීමෙන් ඒ සම්බන්ධයෙන් විමසා තිබේ.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිළිබඳ සලකා බලා රවී කරුණානායක මහතාට නැවත අමාත්‍යධුරයක් ලබා දීම සම්බන්ධයෙන් වන දැනුවත් කිරීමේ ලිපිය අගමැතිවරයාට යොමු කර තිබේ. නමුත් ප්‍රශ්නය වන්නේ එම ලිපියට කුමක් සිදුවූයේද යන්නයි.

එම ලිපිය නීතිපතිවරයා විසින් අගමැතිවරයාට යොමු කර ඇත්තේ පසුගිය ජුනි 01 වැනි දිනය.

රවී කරුණානායක මහතාට නැවත අමාත්‍යධූරයක් හිමිවීම සම්බන්ධයෙන් පසුගිය දිනවල අවස්ථා කිහිපයක කතා බහට ලක්වුවත් එය ඉටු නොවුණි. අවසන් වරට රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දුන් අවස්ථාවේදීද රවී කරුණානායක මහතාට අමාත්‍යධුරයක් හිමි වීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුවත් රවී කරුණානායක මහතාට එම අවස්ථාව එවරද ගිලිහි ගියේය.

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ විශේෂ ජනාධිපති කොමිසමේ නිර්දේශ අතර රවී කරුණානායක මහතා වරදකරුවෙක් ලෙස සඳහන් නොවුණි.

එහෙත් දිගින් දිගටම තමන්ට අමාත්‍යධුරයක් ලබා නොදීමත් තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සාධාරණ මැදිහත් වීමක් නොකිරීම පිළිබඳව රවී කරුණානායක මහතාද අවස්ථා කිහිපයකදීම මාධ්‍ය හමුවේ ප්‍රකාශ ලබා දී තිබුණි.

මෙම තත්ත්වය මත නීතිපති අගමැතිවරයාට යොමුකරන ලද එම ලිපිය තමන්වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටියද එය මඟ හරිමින් තිබෙන බවයි වාර්තා වුණේ.

ඒ අනුව දැන් එජාප අභ්‍යන්තරයේ අලුත්ම ප්‍රශ්නය වී ඇත්තේ රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් නීතිපති පක්ෂය වෙත ඒවා තිබෙන ලිපියට කුමක් සිදුවූයේද යන්නයි.

lankanewsweb

Related posts

අනුරාධපුර – වව්නියාව දුම්රිය ධාවනය මාස පහක‍ට අත්හිටුවයි

Admin

5 ශිෂ්‍යත්ව විභාගය වෙනුවට වෙනත් විභාගයක් – ජනපති

colombotoday

කොන්දොස්තර නැතුව අධිවේගයේ ලංගම බස් ධාවනය අද සිට

Admin

කිරිපිටි වල රේගු ආනයනික බද්ද සංශෝධනය කරයි

Admin

සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩූ බස්නාහිර පළාතේ බස් 481කට අවවාද..

colombotoday

“කොටි මහවිරු දිනය“ මහ ඉහළින් සමරන්න සූදානම්… යාපනේ පුරා පොස්ටර් !

colombotoday