Colombo Today Local News

Google එකට අනුව අගමැති රනිල් වික්‍රමසිංහයි – රංජන් රාමනායක පවසයි.

ගූගල් සෙවුම් යන්ත්‍රයේ තවමත් අගමැති ලෙස පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු නියෝජ්‍ය අමත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ඔහු සිය ෆේස් බුක් පිටුවට අදහස් දක්වමින් මේ බව සඳහන් කරයි.

“මේ කාලේ ලොකුම ප්‍රශ්ණයක් ලංකාවේ අගමැති කවුද කියලා. මෙහෙම ප්‍රශ්ණයක් ආවම මම ගූගල් සර්ච් කරලා තමයි අහන්නේ. අපි බලමු ගූගල් සර්ච්වලින් අහලා.

(තම ජංගම දුරකතනයෙන් අසයි. Who is the prime minister of Sri Lanka A – Ranil Wicramasinghe is the prime minister of Sri Lanka) ගූගල් එකෙත් කියන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ කියලයි.

අපි දන්නේ නෑ ඒක. තාම ලෝක ප්‍රජාව පිළිගන්නේ නැත්ද දන්නේ නෑ. මෙකේ කියන්නේ එහෙමයි. රනිල් වික්‍රමසිංහ මහතාටත් කඩේ යනවා නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ දුර්වලකම් හැට හුට හමාරක් තිබෙනවා. ගැටලු හැට හුට හමාරක් තිබෙනවා.

ඔහුගේ අතින් වැරදි වුණත් මේක නෙමෙයි ක්‍රමය. රනිල් වික්‍රමසිංහ මහතා එක්ක තරහක් තිබුණානම් සජිත් ප්‍රේමදාස මහතාට හෝ කරු ජයසූරිය මහතාට අගමැතිකම දෙන්න තිබුණා. ”

 

Related posts

හැම ගෙදරකටම ස්මාර්ට් විදුලි මීටර් දෙනවා.. ලංකාවේම හදල රටත් යවනවා

colombotoday

2018 අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය අහලකටවත් එන්න බැරිවුණා… විදේශ සංචිත ඉතිරිව ඇත්තේ තව මාස 4කට පමණයි…

colombotoday

මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව නවත්වයි

colombotoday

ආනයනික කරවල, හාල්මැස්සන්, පළතුරු වල බැර ලෝහ සහ ආසනික්

Admin

මුදල් කාරක සභාවට විපක්ෂයෙන් නාලක ගොඩහේවා

Admin

නිරෝධායන නොවී සැගවී සිටි 04ක් අත්අඩංගුවට !

colombotoday