Colombo Today Local News

හැම ගෙදරකටම ස්මාර්ට් විදුලි මීටර් දෙනවා.. ලංකාවේම හදල රටත් යවනවා

ajith p perera

ගල් යුගයේ විදුලි මීටර් වෙනුවට ස්මාර්ට් විදුලි මීටරයක් සෑම ගෘහයකටම ලබා දීමට පියවර ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවක අමතමින් ඇමතිවරයා මේ බව පැවසීය. එම වැඩපිළිවෙල බස්නාහිර පළාතෙන් ආරම්භ වන අතර එම විදුලි මීටර් ලබන වසරේ සිට මෙරටදීම නිශ්පාදනය කරන බවද ඇමතිවරයා පැවසීය.

මෙම නව මීටර් හඳුන්වා දීමෙන් පසු විශාල වශයෙන් විදුලිය ඉතුරු කර ගැනීමට හැකි වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වන විට පැරණි විදුලි මීටර් මිලියන 6ක් පමණ තිබෙන අතර වසර 2ක් ඇතුළත සෑම නිවසකටම ස්මාර්ට් මීටර් ලබා දීම සිදු වන බව ද සඳහන් කළේය.

මෙම විදුලි මීටර් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් මෙරට නිෂ්පාදනය වන බැවින් එම මීටර් අපනයනය කිරීමට ඉදිරියේ දී හැකි වනු ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

Related posts

“ආවා“ කල්ලියේ ලොක්කෙක් පාර අහුරා පොලීසියට තග දමන හැටි මෙන්න (Video)

colombotoday

ශ්‍රී ලංකාවේ සියලුම අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග

colombotoday

අගමැතිකම ගන්නවාද? නැද්ද? මහින්දගේ තීරණය මෙන්න

colombotoday

ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතට

colombotoday

අන්තවාදී කල්ලි, කොටි, පාතාලය ගෝඨාට එරෙහිව එකතු වේ. – බුද්ධි අංශ අනතුරක් ගැන කියයි. ගෝඨාට විශේෂ ආරක්ෂාවක්?

colombotoday

මහින්ද පන්නා 3/2 හදා ව්‍යවස්ථාව සම්මතකර ‘අසුර කල්ලියේ‘ කුමන්ත්‍රණය ක්‍රියාත්මකයි…

colombotoday