Colombo Today Local News

අගමැතිකම ගන්නවාද? නැද්ද? මහින්දගේ තීරණය මෙන්න

කිසිසේත්ම අගමැති ධුරය බාර නොගැනීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය බාරගන්නැයි ආරාධනා කල බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයාගේ අතිශය සමීපතමයෙකු ‘ලංකා සී නිව්ස්’ වෙබ් අඩවියට ඒ බව පවසා ඇත.

හිටපු ජනාධිපතිවරයා විසින් කිසිසේත්ම පිං අගමැතිකම් බාර නොගනු ඇති බව එම වෙබ් අඩවිය අවධාරණය කර සිටියි.

ඊයේ පැවති මැතිවරණය පළාත් පාලන මැතිවරණයක් මිස පාර්ලිමේන්තුවේ අගමැතිවරයා තෝරන මැතිවරණයක් නොවන නිසා එවැනි ස්ථාවරයක් ගෙන ඇතිබව එම වෙබ් අඩවිය පවසයි.

කෙසේවුවද දැන් විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට හිමිවිය යුතුබව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වී ඇති බව එම වෙබ් පුවතේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

ආර්ථික කොරිඩෝව පරාක්‍රමබාහු රජතුමාගේ යෝජනාවක්.. ඇමරිකාව සමග MCC ගිවිසුම ගසා අපි ක්‍රියාත්මක කරන්නේ එම යෝජනාවයි !

colombotoday

STF රැකවරණ මැද දෙමටගොඩ චමින්ද වැලිකඩින් එළියට !

colombotoday

මෛත්‍රී හිටපු ගෙදර මහින්ද පදිංචියට යයි !

colombotoday

ධර්මාලෝකයේ හෙළදිව එකළුකළ මහින්දාගමනය

colombotoday

කරුණා මරා දැමීමේ තැතක් නූලෙන් වැළකේ.. හිටපු කොටි ප්‍රබලයා බඩුත් එක්කම මාට්ටු !

colombotoday

සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සමඟ රියදුරු අත්අඩංගුවවේ

colombotoday