Colombo Today Local News

බේරුවලින් රාජිතට හොම්බන් යන්න වදී.. ජාතිවාදය අවුලවා ගොඩ යන්න බැරිවෙයි..

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සංවිධායකත්වයෙන් යුතු බේරුවල ආසනයේ ප්‍රධානතම පළාත්පාලන ආයතනය වූ බේරුවල නගර සභාව එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්විය.

පොදු ජන පෙරමුණ විසින් සහය දැක්වූ ස්වාධීන කණ්ඩායම එහි ජය හිමිකරගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වූයේ සිව් වන තැනය.

බේරුවල ප්‍රදේශයේ රාජිත සේනාරත්න මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දැඩි ජාතිවාදි මුහුණුවරක් ගත් අතර, රාජපක්ෂවරුන් මුස්ලිම් ජනතාව මර්ධනය කළේ යැයි චෝදනා කරමින්, තමන් මුස්ලිම් ජනතාවගේ ගැලවුම්කරුවා ලෙසත් ඔහු මැතිවරණ වේදිකාව් පෙනී සිටියේය.

බේරුවල නගරසභා බල ප්‍රදේශය මුස්ලිම් ජනතාවට වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශයක් වන අතර, ප්‍රතිපල අනුව ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට රාජිත සේනාරත්න ඇමතිවරයා සමත්ව නැත.

Related posts

මාතර බන්ධනාගරයටත් තහනම් පාර්සලයක් පියඹයි

colombotoday

දින 100 වැඩපිළිවෙල හැදුවේ මෛත්‍රීගේ එකගතාවයෙන් – ජයම්පතී වික්‍රමරත්න

colombotoday

රෝහල් ශීඝ්‍රයෙන් පිරී යමින් පවති – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

colombotoday

විදුලිබලේ නිලධාරී මාෆියාවෙන් රටම අදුරේ… කෝටි අටදහසක පාඩුවක්…

colombotoday

“අසල්වැසියන්ට ප්‍රේම කරමු.. අපට කෙළවුණත් ETCA ගෙනත් ඉන්දියාවේ රැකියා ප්‍රශ්නය විසදමු“ – ඉරාජ්

colombotoday

ඉන්ධන ගන්න ඇවිත් වැවේ ගිලී අයෙක් මියයයි

colombotoday