Colombo Today Local News

රන්ජන්ගේ හඬපට පැතිර යාම භයානයකි.. වැලැක්වීමට ඉක්මන් පියවරක් ගන්න..- මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සමාජ ජාල පුරා පැතිරී යාම භයානක තත්වයක් යැයි ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් එය පාලනය කිරීමට ඉක්මන් පියවර ගත යුතු බවද ඔහු පැවසුවේය.

මෙම හඬ පට හේතුවෙන් අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු විය හැකි බැවින් හඬපට පැතිර යාම වැළැක්වීම සුදුසු පියවරක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ බව සඳහන් කරන ලද්දේ තම අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ජනපති ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන දෙකක් තහනම් කරයි….

colombotoday

එතනෝල් ආනයන බද්ද යළි ඉහළට… රා ලීටරයක බද්ද රුපියල් 50යි

Admin

අලුත් ව්‍යවස්තාවට ජනමතවිචාරණයක්.. දෙමළ, මුස්ලිම් දැනටමත් කැමතියි.. සිංහලයන් කැමති කරගන්නවා

colombotoday

ඒකාබද්ධ විපක්ෂය කලු පටි බදී.. පාර්ලිමේන්තුව අත්හිටුවයි

colombotoday

අද පාර්ලිමේන්තුව ආරම්භ වේ

Admin

නොකියා 3310 නැවතත් වෙළදපොලට

colombotoday