Colombo Today Local News

“රාජපක්ෂලාට කඬේ යන මාධ්‍යවේදීන්ට සිදුවන්නේ බෙල්ලේ වැලදාගන්න” – අගමැති අනතුරු අගවයි !

රාජපක්‍ෂ රෙජිමය නැවත බලයට ගෙන ඒම වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් කරනුයේ තමන්ගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දමාගැනීම යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ දී ඊයේ (24) පැවැසීය.

රාජපක්‍ෂ රෙජිමය වෙනුවෙන් පෙනීසිටින මාධ්‍යවේදීන් ගණනාවකට රෙජිමය යළි බලයට පැමිණියහොත් අතුරුදන්වන්නට සිදුවනු ඇති බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනතුරු ඇඟවීය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ ඒකසත් ජාතික පක්‍ෂ නව ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය ධුරයේ වැඩබාරගැනීමේ උත්සවයේදී අදහස් දක්වමිනි. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.

මා එක් කාරණයක් අවධාරණය කරන්නම්. රෙජිමය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් ගණනාවකට ඔවුන් බලයට පැමිණයහොත් අතුරුදන්වන්නට සිදුවේවි. ඔවුන්ගේ පිළිවෙත එයයි. මා නැවත මතක් කළ යුතු නැහැ. තමන්ගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දමා ගනීවි.

මේ කාරණය හෙට පුවත්පත්වල පළ කරන්නේ නැහැ. මාධ්‍යයේ රූපවාහිනියේ පළ කරන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපේ පාක්ෂිකයන් එය මතක තබා ගන්න. නැවත හමුදා පාලනයක් ළඟා නොකිරීම අපේ අරමුණයි.

රාජපක්‍ෂලා වෙනත් නමකින් කියන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතුයි. ඔවුන්ගේ උත්සාහය නැවත රෙජිමයක් ඇති කිරීමයි. එය රාජපක්‍ෂ “රෙජිමය 2” ලෙස හඳුන්වා දිය හැකියි. ඔබට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යද? “රාජපක්‍ෂ රෙජිමය 2” අවශ්‍ය ද කියා තීරණය කරන්නැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

Related posts

වසරකට දරු උපත් 35,500යි… නීති විරෝධී ගබ්සා 36,500යි

colombotoday

බිල ගෙවන බදු ගෙවන මහජනතාවට අද සිට යලිත් අදුරේ ඉන්න දැනුම් දෙයි

Admin

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ සටන මහපාරට ගෙනියනවා…

colombotoday

ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන් ගෙනා සහනාධාර හාල් කිලෝ පන්ලක්ෂ හැට දෙදාහක් ආ ගිය අතක් නෑ

colombotoday

හිටපු හමුදාපති සහ බුද්ධි අංශ ප්‍රධානීන් සිව් දෙනෙක් CIDයට

colombotoday

වරාය සමග තවත් අක්කර 110ක් නොමිළේම චීනයට !

colombotoday