Colombo Today Local News

“මගේ ඡන්දයත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුටයි.. හදවතින්ම ඔහුට ස්තූතියි” – ආරක්ෂක රාජ්‍ය ඇමති

ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංකර මහතාට ස්තුතිවන්ත වෙන බවත් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණි අයවළුන් හෝ දමිළ ජනතාවට ආදරයක් නොමැති අය බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

බියගමදී ඊයේ (07දා) ඔහු මෙම අදහස් දැක්වූයේ ලන්ඩන් නුවර මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සිදුවූ සිදුවීම පිළිබඳව අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ එතුමා පොඩි සංඥාවක් දුන්නා. ඒ සංඥාව නිසා පොඩි ගැටලුවක් ඇති වුණා. අපේ විදේශ ලේකම්තුමා ලියුමක් යවා තිබෙනවා මෙතුමා වහාම ශ්‍රී ලංකාවට කැඳවන්න කියලා. අපේ ජනාධිපතිවරයා ඒකට මැදිහත්වෙලා ඒක නවත්වලා ඔහුට බ්‍රිතාන්‍යයේම ඉන්න කිව්වා.

ඒ ගැන ඇත්තෙන්ම මට සතුටක් තිබෙනවා. මේ කාලයේ මගේ ඡන්දේ තියෙන්නේ බ්‍රිගේඩියර් ප්‍රියංකර මහතාට. එතුමා ඒ එල්.ටී.ටී.ඊ. යට කරපු සංඥාව නිසා. මගේ හදවතින්ම මම එතුමාට ස්තුතිවන්ත වෙනවා.

රාජ්‍යත්‍රාන්තිකව ගත්තොත් බ්‍රිගේඩියර් ප්‍රියංකර මහතා අත්වැරැද්දක් කරා වෙන්න පුළුවන්. එහෙත් ත්‍රස්තවාදීන් හමුවේ යුද්ධයට මුහුණදුන් රණවිරුවෙකුගේ හැඟීම් තේරුම් ගන්නත් අපිට පුළුවන් වෙන්න ඕන.

ඒ උද්ඝෝෂණයට සහභාගී වු එක් පුද්ගලයෙකු හෝ ලංකාවට පය තබපු අය කියා මම හිතන්නේ නෑ. තමන්ගේ සංවිධානවලට මුදල් එකතු කරන්න මේ අය එකතුවෙලා උද්ඝෝෂණ කරනවා. ලංකාවේ ඉන්න දමිළ ජනතාවට ආදරයක් නෑ.ඒ වගේ සංඥාවක් දුන්න එක ගැන මම ස්තුතිවන්ත වෙනවා.” යැයි ද පවසා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/969619949726663/videos/1734330396588944/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් මාරාන්තිකයි – පාරිභෝගික අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යංශය මර නින්දේ

colombotoday

ETF කාර්යාලයත් වසා දමයි

colombotoday

GIT විභාගය ප්‍රථම වරට Online ක්‍රමයට

colombotoday

දූෂණය පරාජයට ඇති හොඳම ආයුධය රටවැසියා එය නොඉවසීම – ජනපති

colombotoday

අරාබි බසින් ලියන ලද බැනර් සහ සැක කටයුතු තහඩු පුවරු 500 ක් හමුවෙයි..

colombotoday

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පෙත්සම් දෙකක්

colombotoday