Colombo Today Local News

මධ්‍යම පළාතට අනවශ්‍ය ලෙස ඇතුල්වෙන සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ

මධ්‍යම පළාතට අත්‍යවශ්‍ය කාරණයකට හෝ රාජකාරිමය අවශ්‍යතාවයක් සදහා ඇතුලුවන්නන් හැරුනු කොට අනවශ්‍ය ලෙස ඇතුල්වීමට උත්සහ දරන්නන් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. මේ බව ඒ මහතා සදහන් කළේ මධ්‍යම පළාත් කොවිඩ් 19 මෙහෙයුම් කමිටුවේ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, මහනුවර, මාතලේ , නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම්වරුන්, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ත්‍රිවිධ හමුදා පළාත් ප්‍රධානීන්, පළාත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිසකගෙන් සමන්විත කොවිඩ් 19 කමිටුව පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (27) රැස්වු අතර, එම කමිටුවේ සාකච්ඡා වලින් වලින් අනතුරුව මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා පවසා සිටියේ මධ්‍යම පළාත තුල කොවිඩ් 19 ව්‍යාප්තිය වැලැක්වීම සදහා අවශ්‍ය සියලුම පියවරයන් ක්‍රියාත්මක කළත් ජනතාව වගකීම් විරහිතව කටයුතු කළහොත් එම සියලු උත්සහායන් ඵලක් නොමැති වන බවයි. පෙරට වඩා භයානක වශයෙන් නම් කර ඇති නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු වලට ප්‍රමුඛතාවයක් ලබාදීමට පළාත් පාලන ආයතන ඇතුලු සියලු අංශ වලට තමා උපදෙස් ලබා දුන් බවත්, පී.සී.ආර්.පරීක්ෂණ ඉහල නැංවීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවේ අවධානය යොමු කර ඇති බවත් , තෙල්දෙණිය රෝහල තුල නව පී.සී.ආර්. යන්ත්‍රයක් මේ වන විටත් ස්ථාපිත කර ඇති බවත් එම මහතා ප්‍රකාශ කර සිටියේය. පොදු ප්‍රවාහන කටයුතු වලදී සියලු බස්හිමියන් සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වගකීමකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා වගකීම් විරහිතව කටයුතු කරනු ලබන බස් රථ සම්බන්ධයෙන් දැඩිව නීතීය ක්‍රියාත්මක කිරීමට උපදෙස් ද ලබා දී තිබේ.

පළාත් සභාව තුල විවිධ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් මුදල් වෙන් කර තිබුනත්, මෙම අවස්ථාවේදී කොවිඩ් 19 වසංගත තත්වයෙන් පළාත මුදවාගැනීමේ කටයුතු වලදී ඒ සදහා ප්‍රමුඛතාවය ලබා දිය යුතුව පවතින බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී සදහන් කර සිටියේය. මෙහිදී නුවරඑළිය මහ නගර සභාව විසින් සෞඛ්‍යාරක්ෂිත උපක්‍රම අනුගමනය නොකරමින් සංවිධානය කර තිබු අලුත් අවුරුදු උත්සවයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු ගැටලුවකට පිළිතුරු සපයමින් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ තමා මෙන්ම සෞඛ්‍ය අංශය ද උපදෙස් ලබා දී ඇති අවස්ථාවක වගකීම් විරහිතව නගරාධිපතිවරය ඇතුළු නුවරඑළිය මහ නගර සභාව විසින් සංවිධානය කර තිබු එම අලුත් අවුරුදු උත්සවය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් සිදු කරන ලෙස මේ වන විටත් පළාත් පාලන කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දී ඇති බවත්, අදාල වාර්තාව පදනම් කරගනමින් තමා ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් ය.

Related posts

FCIDයට බයවෙන්න එපා.. මම බලාගන්නම් – රාජිත කියයි

colombotoday

2024 නව පාසල් වාරය පෙබරවාරි ඇරඹෙයි

Admin

ප්‍රංශයේ මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදයට මුදල් යොදවලා – පල්ලිවලට විදෙස් මුල්‍ය ආධාර ගැනීම මින්පසු තහනම්

colombotoday

සා. පෙළ ප්‍රතිඵල එනකන් දරුවන්ට පාසලේදීම වෘත්තීය පුහුණුවක්

Admin

දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබේ

colombotoday

ඇස්ට්‍රාසෙනිකා ශ්‍රී ලංකාවට නොලැබෙන හැඩ.

colombotoday