Colombo Today Local News

පාර්ලිමේන්තු PCR වලින් 09 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වෙයි.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදු කෙරුණු PCR පරීක්ෂණ යටතේ 943 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

ඉකුත් 13 වැනිදා සහ 15 වැනිදා මෙම PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන තිබුණි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32ක් සහ අනෙකුත් කාර්යාංශ, අනුබද්ධිත කාර්යාංශ, ආරක්ෂක අංශවලට අයත් 911 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකර තිබේ.

ඒ අතරින් මන්ත්‍රීවරුන් කිසිවෙකු ආසාදිත නොවන බවට තහවුරු වී තිබේ.

පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට සහ අනෙකුත් කාර්යාංශවලට අයත් 5 දෙනෙකු, ආරක්ෂක අංශයට අයත් එක් අයෙකු, පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයේ ආරක්ෂක කටයුතු සඳහා අනුයුක්ත 3 දෙනෙකු ද වශයෙන් 9 දෙනෙකු
ආසාදිත බවට තහවුරු වී තිබේ.

Related posts

“ජනපති මෛත්‍රී මාස පහකින් මිය යන්නේ නෑ.. විජිත රෝහණ රේඩියෝ කැසට් කාරයෙක්” – ඉන්දික තොටවත්ත

colombotoday

සයිටම් වෙඩි තැබීමේ නාටකයේ ප්‍රධාන නලුවා රිමාන්ඩ්

colombotoday

පාස්කු කොමිසන් වාර්තාව රහස් පොලිසියට

colombotoday

O/L ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

කඳුළු ගෑස්, ජල ප්‍රහාර කමින් එදා මීතොටමුල්ලේ සැම වෙනුවෙන් ලොවට හඬනෑගූ කීර්තිරත්නට අද අත්ව ඇති ඉරණම

colombotoday

ජනපතිගෙන් ජපානය ට ඇරයුමක්

Admin