BusinessColombo Today Local News

සීනි බද්දේ වාසිය විල්මා සමාගමේ සජාඩ් මවුසාන්ට. | භාණ්ඩාගාරයට එන්න තිබ්බ කොටි 1000ක් අහිමි වෙලා.

රුපියල් 50ක සීනි බද්ද ඉවත් කිරීමේ වාසිය විල්මා සමාගමේ සජාඩ් මවුසාන්ට හිමිවී ඇති බවත් භාණ්ඩාගාරයට එන්න තිබ්බ රුපියල් කොටි දාහක් අහිමි වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් එම පක්ෂය සංවිධානය කරන “Sorry කවුද දිනුම්” සම්මන්ත්‍රණ මාලාවේ අද (17) හෝමාගම පැවති සම්මන්ත්‍රණයේදී සඳහන් කර සිටියා.

“ගැසට් එකක් ගැහුවා සීනි කිලෝ එකට රුපියල් 50ක බද්දක් දාලා. සීනි කිලෝ එක රුපියල් 135 ට විතර ගියා. ඊට පස්සේ ආණ්ඩුව තීරණය කළා සීනි ගණන් කියලා රුපියල් පනහේ බද්ද අයින් කරන්න. රුපියල් 50 බද්ද අයින් කරපුහම සීනි කිලෝ එක රුපියල් 85ට ලැබෙන්න ඕනි. දැන් කොහෙවත් සීනි කිලෝ එක රුපියල් 85ට තියෙනවද? කොහෙද 85 ට තියෙන්නේ…? 120 යි 125යි නේද? සීනි මෙක්ට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ඒ කාලේ ඇතුලත ලංකාවට ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන්ම විල්මා සමාගම. Shangri-La එකේ අයිති එක්කෙනා. සජාඩ් මවුසාන්.. වියත්මග නියෝජිතයෙක්. එයා දැනටමත් නැව් තුනක් පුරවපු සීනි ගෙනල්ලා ගොඩ බෑවා… භාණ්ඩාගාරයට එන්න තිබ්බ කොටි 1000ක් අද අහිමි වෙලා තිබෙනවා.” යැයි අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

Related posts

ජනපතිට තනපටයක් තරම්වත් ශ්‍රීපාදය වටින්නෑ වගේ.. ඔබ කාටද හිමි ඉඩම් පුතේ !!

colombotoday

එදා සිංගපූරු සම්මුතිය.. මෙදා ව්‍යවස්ථා සම්පාදක කෙටුම්පත – බළලා මල්ලෙන් එළියට !

colombotoday

බස්නාහිර පළාතේ වැටලීම් වලින් 99 දෙනෙකු අත්අඩංගුවේ.

colombotoday

කන්කස්නතුරේ ජනාධිපති මන්දිරය බදු දීමේ ගිවිසුම අත්සන් කරයි

Admin

ඖෂධ හිඟයෙන් රජයේ රෝහල්වල සැත්කම් සීමා වෙයි

colombotoday

නාලක ගොඩහේවා FCIDයෙන් අත්අඩංගුවට ගනී

colombotoday