Colombo Today Local News

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිසක් අතර උණුසුම් තත්වයක්

මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණි පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ නිලධාරීන්ගේ අක්‍රමවත් වැඩපිළිවෙල හේතුවෙන් මෙලෙස ඔවුන් අපහසුතාවයට පත්ව ඇති බව ජනතාව චෝදනා කරයි.

දුර බැහැර ඈත ප්‍රදේශවල සිට එහි පැමිණ දින කිහිපයක් තිස්සේ විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේ අපේක්ෂාවෙන් රැඳී සිටි පිරිසක් සහ අද උදෑසන එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් අතර මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබේන බවයි වාර්ථා වන්නේ.

මේ අතර මේ පිළිබඳව අප කළ සොයාබැලීමකදී වාර්තාවූයේ සංවිධානාත්මක කල්ලියක් විසින් එම ස්ථානයේ පෝළිමේ රැඳී සිටිමින් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන ජනතාවගෙන් නීතිවිරෝධී ලෙස මුදල් අයකරගන්නා බවය.

මේ සඳහා මහනුවර පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය තුළින්ම සහාය ලැබෙන බවටයි පැමිණ සිටින ජනතාව චෝදනා කරයි.

Related posts

රටින් පැන්න ලඩියාගේ වත්කම් පොලිස් භාරයට

colombotoday

අවුරුදු 20 ට වැඩි සියලුදෙනාට තුන්වන එන්නත් මාත්‍රාවක්

colombotoday

කළවැද්දන්ගේ අභියෝගවලට මං පිළිතුරු දෙන්නෑ – අධිකරණ ඇමති

colombotoday

ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කරන්න. ස්‌පාඤ්ඤයේ නගර සභාවක් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්ගෙන් ඉල්ලයි

colombotoday

හිටපු අගමැති රනිල්ට එජාප නායකකමත් අහිමිවන ලකුණු… සජිත් ගේන්න ඇතුලේ කැරැළ්ලක්…

colombotoday

දේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට තීරණයක්

colombotoday