Colombo Today Local News

ඔක්ස්ෆර්ඞ් එන්නතේ ආයු කාලය මාස 6යි – ඉක්මනින් එන්නත් කරන්න : නිෂ්පාදක සමාගම කියයි

අද (28දා) ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට ලැබීමට නියමිත ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රා සෙනෙකා කොවිෂීල්ඞ් කොරෝනා මර්දන එන්නතේ ආයුකාලය මාස හයක් වීම නිසා එම එන්නත අවශ්‍ය කණ්ඩායම්වලට හැකි ඉක්මනින් ලබා දී අවසන් කළ යුතුව ඇතැයි එන්නත නිපද වූ ඉන්දියාවේ ‘සීරම්’ එන්නත් සමාගම විසින් නිවේදනය කර තිබේ.

කොවිෂීල්ඞ් එන්නත මෙන්ම ඉන්දියාවේ භාරත් ටෙක් සමාගම විසින් නිපදවා ඇති කොවැක්සින් එන්නත ද බටහිර රටවල් විසින් නිපදවා ඇති ෆයිසර් හා මොඩර්නා කොරෝනා මර්දන එන්නත්වල ද ආයු කාලය මාස හයකි.

කොවිෂීල්ඞ් එන්නත් මාත‍්‍රාවන් මිලියන 20ක් සීරම් සමාගම මගින් ඉන්දීය රජය වෙත මේ වන විට අවදානම් කණ්ඩායම් සඳහා එන්නත් කිරීමට ලබා දී තිබේ. එහෙත් ඉන්දීය රජය විසින් මෙතෙක් එන්නත් කර ඇත්තේ එම එන්නත් මාත‍්‍රාවලින් මිලියන 2 කට මදක් අඩු සංඛ්‍යාවක් බව ද අනාවරණය වී තිබේ.

සීරම් ආයතනය මේ වන විට මාස කිහිපයක් ඇතුළත කොවිෂීල්ඞ් කොරෝනා මර්දන එන්නත් මාත‍්‍රා මිලියන 100ක් නිපදවා ඇති අතර ඉන් එන්නත් මාත‍්‍රා මිලියන 20ක් ඉන්දීය රජයට ලබා දී තවත් එන්නත් මාත‍්‍රා මිලියන 8ක් රටවල් හයකට පමණ අපනයනය කර තිබෙන බව සීරම් සමාගමේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය සුරේෂ් ජාදව් පවසයි. දැනට එම සමාගමේ ගබඩාවල එන්නත් මාත‍්‍රා මිලියන 50-60ත් අතර සංඛ්‍යාවක් පවතින බවත්, දැනට මසකට එන්නත් මාත‍්‍රා මිලියන 50-60 අතර සංඛ්‍යාවක් නිපදවීමට පියවර ගෙන ඇති බව වෛද්‍ය ජාදව් කියයි. ලොව සෙසු රටවලින් ඉදිරිපත්ව ඇති අධික ඉල්ලූම හේතුවෙන් ලබන අපේ‍්‍රල් මාසය වන විට මසකට කොරෝනා මර්දන එන්නතේ මාත‍්‍රා මිලියන 100ක් බැගින් නිපදවීමට සීරම් ආයතනය මගින් සැලසුම් කර තිබේ.

Related posts

මළ සිරුරුවලින් වෛරසය ජලයට එකතු නොවේ යැයි නිගමනය කරන්න බෑ. හොඳම විකල්පය තමයි පිළිස්සීම. | මහාචාර්ය මංගල චතුරංග ද සිල්වා

colombotoday

රුසියානු තේ තහනම් ඉවතට !

colombotoday

පැරණි නිල රථය තවමත් හොද තත්ත්වයේ.. රෝසි අලුත්ම සැප රියක් ගන්න යයි.. සේවකයන්ගේ දැඩි අප්‍රසාදය !

colombotoday

නාමල් වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

colombotoday

ඡන්දය පාවිච්චි නොකිරීම විශාල පාපයක් – රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

අවුරුදු 14 දී පාසැල් ඇඳුම පිටින් අරගෙන ගියා. තියා ගත්තේ චන්ද්‍රිකාගේ නිවසේ. පස්සේ මුස්ලිම් කරලා කසාද බැන්දා. දරුවෝ 3ක් එක්ක මම දැන් අනාතයි.

colombotoday