Colombo Today Local News

O/L ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වීම ගැන ගැටලුවක්

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව ගැටලුවකට මුහුණ දී සිටියි.

පවතින තත්ත්වය මත ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසීය.

මෙම විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යවල විවිධාකාර ප්‍රචාරයන් යන බවත් ප්‍රතිඵල නිකුත් කිරීම කෙසේ වුව ද ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමටවත් නොහැකි තත්ත්වයක දෙපාර්තමේන්තුව සිටින බවත් ඔහු කීය.

පාසල් යළි ආරම්භ කළ වහාම සතියක් ඇතුළත ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසීය.

පසුගිය මාර්තු මස පැවති මෙම විභාගය සඳහා අයැදුම්කරුවෝ හයලක්ෂකට අධික පිරිසක් පෙනී සිටියහ.

Related posts

හිරගෙදර සිට නාමල් ජනතාවට මෙසේ ලියයි!

colombotoday

රථගාය හැදුනු එජාප ප්‍රබල මන්ත්‍රී මහපාරේ පිස්සු නටයි (Video)

colombotoday

කොත්මලේ ඔය සහ මහවැලි ගඟ දෙපස ජනතාව විමසිල්ලෙන් ඉන්න

Admin

“ඥාණසාර හිමි සගවාගෙන ඉන්නේ ආණ්ඩුවෙන්“ නෝම්බි ඇරිමේ උත්සවයේ දී මහින්ද කියයි

colombotoday

විදේශ රැකියා ආයතන 13ක බලපත්‍රය අවලංගුයි.. ඕමාන්-ඩුබායිහී අතරමං වී සිටින 140ක් දිවයිනට ගෙන්වීමට පියවර

Admin

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

Admin