Colombo Today Local News

විදේශ රැකියා ආයතන 13ක බලපත්‍රය අවලංගුයි.. ඕමාන්-ඩුබායිහී අතරමං වී සිටින 140ක් දිවයිනට ගෙන්වීමට පියවර

සංචාරක වීසා මත රැකියා සඳහා ගොස් ඕමානයේ හා ඩුබායිහී අතරමංවී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 140 දෙනෙකු කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් මහතා සදහන් කරන්නේ, ඔවුන්ට එරෙහිව නීතිමය ගැටළු පවතී නම් එම තත්ත්වය නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව ඔවුන් දිවයිනට ගෙන්වා ගන්නා බවය.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ රැකියා නියෝජිත ආයතන 13ක් සඳහා ලබාදුන් බලපත්‍රය අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශ රැකියා සඳහා තැනැත්තන් බඳවා ගැනීම හා යොමුකිරීම සඳහා කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රයක් තිබීම අනිවාර්යයි.

විදේශ සේවා නියුක්ති කර්යාංශය පවසන්නේ, සේවා ගිවිසුම් කඩවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් කරන ලද පැමිණිලි අනුව, විසඳුම් ලබාදීම සඳහා ඉදිරිපත් නොවූ රැකියා නියෝජිතායතනයන්, කාර්යාංශය සමඟ ඇති කර ගන්නා ලද ගිවිසුම් කඩ කිරීමද සිදුකර ඇති බැවින් එයට අදාළව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත් බවය.

අධිකරණයෙන් වරදකරුවන් වීම හා අධිකරණය මගහැරීමට ද අදාල ආයතනයන්හි හිමිකරුවන් කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ට ලබාදී තිබූ කාර්යාංශ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කටයුතු කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Related posts

341 කින් 239ක් පොහොට්ටුවට.. ශ්‍රීලනිපයට තුනත් නැතිවෙයි.. අවසන් ප්‍රතිඵලය මෙන්න

colombotoday

රනිල් යටතේ 40%යි, සජිත් යටතේ 24%යි – සජිත් මෙහෙයවූ ඇල්පිටියෙන් එජාපය දැවැන්ත පසුබෑමක

colombotoday

ලංගම සේවකයෝ බස් ධාවනය ඇතුළු සියලුම සේවාවලින් ඉවත් වෙති

colombotoday

අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා – විශේෂ බලකාය අභිමානවත් 23 වන සංවත්සරය සමරයි !

colombotoday

බැදුම්කර වාර්තාව ලීක් වෙයි.. පිටපතක් හොර රහසේම අගමැති අතට !!!

colombotoday

මරාගෙන මැරුණු ඉබ්‍රාහිම්ගේ ගෝලයෝ 3 ක් පොලිස් දැලේ

colombotoday