Colombo Today Local News

කොත්මලේ ඔය සහ මහවැලි ගඟ දෙපස ජනතාව විමසිල්ලෙන් ඉන්න

පවතින අධික වර්ෂාවත් සමග කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මේවනවිට පිටාර මට්ටමට ආසන්නව පවතිව බවත් මහවැලි අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයෙන් මහවැලි අධිකාරිය වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ පිටාර මට්ටමට පැමිණි වහාම ජලාශයේ වාන් දොරටු මගින් කොත්මලේ ඔයට ජලය මුදා හැරීමට කටයුතු කරන බැවින් ජලාශයෙන් පහළ ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.‍

එබැවින් කොත්මලේ වේල්ලලෙන් පහළ කොත්මලා ඔයේ නුගවෙල, රිවර්සයිඩ්, මාවතර ප්‍රදේශ හා මහවැලි ගඟේ උලපනේ ප්‍රදේශයේ සිට ගම්පොල, වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය, කටුගස්තොට, පොල්ගොල්ල දක්වා ප්‍රදේශ අනතුරුදායක බැවින් ගඟ පරිහරණය කිරීමෙන් වළකින ලෙස ද දැනුම් දී තිබේ.

Related posts

“කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභාවෙන් වහාම නෙරපිය යුතුයි“ – හෙද සහායක රත්නප්‍රිය

colombotoday

මවගේ අවමඟුල සඳහා ඥානසාර හිමි වැඩමකරවීම පිළිබඳව ලාල් කාන්ත කතාකරයි

colombotoday

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යලි පවරා ගනී

colombotoday

ජනපතිට බෑ… විල්පත්තුව බේරගන්න – පරිසර සංරක්ෂණ භාරය

colombotoday

කෝප් වාර්තාවේ “ෆුට් නෝට්” කල්ලියට බැදුම්කර හොරු කෝටි ගණන් සල්ලි දුන්නා

colombotoday

කැලණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට සහ ශිෂ්‍ය ක්‍රියාකාරියෙකුට ඇප

Admin