Colombo Today Local News

රථගාය හැදුනු එජාප ප්‍රබල මන්ත්‍රී මහපාරේ පිස්සු නටයි (Video)

පුද්ගල තරාතිරම නොබලා රථ වාහන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් දුන්නේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. හේ තමන්වද එම නීතියට යටත් බව පවසන්නට අමතක නොකළේය.

රටේ නායකයා ලෙස එවන් කතාවක් කීමට කොන්ද කෙළින් වීම පැසසිය යුත්තකි. නමුත් දැන් පවතින ප්‍රශ්නය වන්නේ එය යථාර්ථයක් වී ඇත්ද යන්නයි. කොහොමත් මේ රටේ නීතිය සෑම පුරවැසියෙක්ටම අදාළව එක හා සමානව ක්‍රියාත්මක නොවීම පිළිබඳව එදත් ප්‍රශ්නයක් විය.

අදත් එය එලෙසම සාකච්ඡාවට බඳුන් වී තිබේ. දේශපාලන බලය සහිත පුද්ගලයන්ට නීතිය එක එක ආකාරයට නැවීම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි. ඔවුන්ට නීතිය අදාළ නොවීම ඊට වඩා බරපතල කාරණයකි.

ඊයේ දින (25) එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාගේ සුඛෝපභෝගී ජීප් රථය මාර්ග නීතිය අතට ගෙන ගමන් කළ ආකාරය අපට දැක ගන්නට ලැබුණි. මාර්ග නීති උල්ලංඝනය කරමින් වලං කඩේට පැන්න ගොනා සේ රිය පදවන්නේ දේශපාලන රැකවරණය නිසාය. මෙම ජීප් රථය ධාවනය වූයේ නුගේගොඩ සිට පිටකෝට්ටේ දක්වා වන ප්‍රධාන මාර්ගයේය. මෙම මාර්ගයද ඉතා කාර්යබහුල මාර්ගයකි. මෙවන් හැසිරීම් තුළ අනතුරු සිදු වුවත් එයද දේශපාලන හයිය නිසාම සාක්ෂිත් නැත. නීතිය යකාටය. වඩිවේල් සුරේෂ් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් වූ හෙයින් ඔහුට මාර්ග නීතිය අදාළ නොවන්නේ නම් එදා ජනාධිපතිවරයා මාර්ග නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම ගැන කියා ඇත්තේ පොඩි සුරංගනා කතාවක් විය හැකිය.

-ආශිකා බ්‍රාහ්මණ

Related posts

නඩුවට සම්බන්ධව රෝගීන් ගැන සම්පූර්ණ වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයි

Admin

ලංකාව හැර යන කැනඩා මහකොමසාරිස් සහ ප්‍රංශ තානාපති ජනපති හමුවෙති

colombotoday

සිමෙන්ති කොට්ටයක් රු. 500කින් ඉහළට

colombotoday

දෙනියාය සහ මුලටියන කලාපවල පාසල් රැසක් වසා දමයි

Admin

විදුලි සේවකයන් අඛණ්ඩව වර්ජනයේ.. විදුලිය දෙන්න හමුදාව කැදවයි !

colombotoday

ටෙස්ට් ආකෘතිය වෙනස් කිරීමට මහේල විරුද්ධ වේ.

colombotoday