Colombo Today Local Newsfeatured

9 වෙනිදා මීගමුවේ පහරදී මංකොල්ල කෑම්: පල්ලියේ සීනුව නාද කර මිනිස්සු රැස් කළා. ව්‍යාපාර විනාශ කළා. – කතෝලික යුවලක් සියල්ල හෙළිකරයි.

පසුගිය 9 වෙනිදා රටපුරා ඇතිකළ ප්‍රචණ්ඩත්වය අතර තුර විනාශ කර දැමූ මීගමුව පීකොක් ආපන ශාලාවේ හිමිකරුවන් විසින් තමන්ගේ ව්‍යාපාර ස්ථානය විනාශ කිරීම සඳහා ප්‍රදේශයේ කතෝලික පල්ලිය වගකිව යුතු බවට චෝදනා කර සිටිනවා.

9 වෙනිදා කුඩාපාළුව වැල්ල වීදිය මීසමේ පල්ලිවල සීනුව එක දිගට නාද කර මිනිසු රැස් කළ බවත් එලෙස රැස්වූ පිරිස් විසින් තමන්ගේ ව්‍යාපාර ස්ථාන විනාශ කර මංකොල්ල කෑ බවත් ඔවුන් සඳහන් කර සිටිනවා.
මෙම විනාශයන් සඳහා වැල්ල වීදියේ පල්ලියේ සුජීව අතුකෝරල පියතුමා වගකිව යුතු බවත් මේ පිළිබඳව කාදිනල් මේවා දැනගත යුතුබවත් එම යුවල පැවසීය.

එදින මංකොල්ල කෑමට පැමිණි පුද්ගලයින් ආරක්ෂක කැමරාවල සටහන් වී සිටින බවත් එලෙස පැමිණි තුන්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් නමුත්, පල්ලියේ ෆාදර් සීනුව නාද කර සෙනග රැස්කර මීගමුව පොලිස් ස්ථානාධිපතිට බලපෑම් කර ඔවුන්ව නිදහස් කරගෙන පැමිණි බවත් ව්‍යාපාරික යුවල අවධාරණය කර සිටිනවා.

මීගමුවේ ඉන්න මිනිසු පල්ලියෙන් කියන ඕනිම දෙයක් අනුමත කරන පිරිසක් බවත් රටේ අනෙකුත් ප්‍රදේශ හා සාපේක්ෂව බැලීමේදී මීගමුව ප්‍රදේශයේ වැඩිපුර කලබල වු බවත් ඔවුන් පැවසීය. මෙම පහරදී මංකොල්ල කෑමේ සිදුවීමට තමන්ට සාධාරණයක් අවශ්‍ය බවත් පල්ලියෙන් පැමිණ හොරු ටික බේරාගන්නේ කුමන පදනමකින්ද යන්නත් ඔවුන් ප්‍රශ්න කර සිටියා.

තමන් හොඳ කතෝලිකයන් පිරිසක් බවත්, අවුරුදු 11ක් පල්ලියේ මංගල්‍ය පුද්ගලික දනයෙන් සරසා තිබෙන බවත් සඳහන් කර සිටි ව්‍යාපාරිකයින්
ගෙදර තිබ්බ බඩු මුට්ටු ගෙනවිත් සහ තමන් සතු රත්‍රං උකස්කර ලබාගත් මුදලින් ව්‍යාපාරය යලි පටන් ගත් බවත් පැවසීය.

අදාළ සම්පුර්ණ සම්මුඛ සාකච්ඡාව.

https://www.youtube.com/watch?v=eKiVMju3yjM

Related posts

පුපුරණ ද්‍රව්‍ය තොගයක් STF භාරයට

Admin

රිෂාඩ්ට පාර්ලිමේන්තු එන්න පසුකම් සලසන්න – පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා CIDයට දන්වයි

colombotoday

යහපාලනය අලුත් රටට ගැළපෙන අලුත් ජාතික ගීයක් යෝජනා කෙරේ !

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්…

colombotoday

මෝල්ගසකින් පහරදී පියා ඝාතනය කල 22 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට

colombotoday

ගොයම් පැලෙන් හැදූ අපූරු පිරිත් මණ්ඩපයක්… හෙළ කලාවේ අසිරිය !

colombotoday