Colombo Today Local News

ශ්‍රී ලංකාව තවමත් අවදානම් තත්ත්වයෙන් මිදී නැහැ

රටක් ලෙස ශ්‍රී ලංකාව තවමත් අවදානම් තත්ත්වයෙන් මිදී නැතැයි, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අද (14)දින පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, තවදුරටත් දෛනිකව රෝගීන් 2000 කට වැඩි පිරිසක් මෙරටින් හඳුනා ගන්නා බවත් ඊට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් සමාජයේ සිටින බව ඉන් කියැවෙන බවත් ය.

”දැනටත් 2,000කට වඩා රෝගීන් ප්‍රමාණයක් දිනකට ඒකෙන් අපි කියනවා, සමාජයේ රෝගීන් 6,000කට වඩා වත් ඉන්නවා කියන එක”

ඩෙල්ඩා ප්‍රභේදය මේ වනවිට රට පුරාම පැතිරී යාම වැනි කරුණු දෙස අවධානය යොමු කිරීමේදී රට අවදානම් තත්ත්වයෙන් මිදී ඇති බවට කිසිසේත් ප්‍රකාශ කළ නොහැකි බව ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.

විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළේ, පවතින කොවිඩ් රැල්ල යම් බැස්මකට නතුව ඇති අවස්ථාවක වඩා වැදගත් වන්නේ, යළි රැල්ලක් ඇති වීම වළක්වා ගැනීම සඳහා සියලු දෙනා පියවර ගැනීම බවයි.

Related posts

කොටින්ට විෂ දුන් කතාව බොරුවක් වෙයි.. හමුදාව නිර්දෝශියි

colombotoday

නාමල් කුමාරට ආරක්ෂාව සලසන්න – උසාවියෙන් සීඅයිඩියට නියෝග

colombotoday

වවුචර්පත් අහෝසියි – පාසල් සිසුන්ට යළිත් රෙදි

colombotoday

ජනපතිට එරෙහි නඩුව නිෂ්ප‍්‍රභා කරයි.. රු 100,000නඩු ගාස්තු ගෙවන ලෙසට නියෝග…

colombotoday

FCID නීති විරෝදීයි රජය පිළිගනියි – අහෝසිකිරිම එන සතියේ

colombotoday

අධ්‍යාපන ඇමතිගේ ‘ඩෙංගු ඇඳුම්‘ දැන් වෙළදපොලේ !!

colombotoday