Colombo Today Local News

බන්ධනාගාරයේදී ජංගම දුරකතනයක් භාවිත කල ධානිෂ් අලීට වැඩ වරදී

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධානිෂ් අලීට නව මැගසින් බන්ධනාගාරයේදී ජංගම දුරකතනයක් භාවිත කිරීමේ චෝදනා මත දින 14ක සිර දඩුවමක් නියම කර තිබේ.

බන්ධනාගාර නීති රීතිවලට පටහැනිව තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකතනයක් භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඔහු අද දින (4)දින බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේය.

එහිදී සැකකරු කොළඹ අති‍‍රේක දිසා විනිසුරුවරයා ඉදිරියේ වරද පිළිගැනීමෙන් අනතුරුව වරදකරු බවට පත් වී දින 14ක සිර දඬුවම් ලබා වැලිකඩ බන්ධනාගාරයට වෙත මාරු කර ඇත බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් පැවසීය.

ජාතික රූපවාහිනියට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශන කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් සැකකරු ජූලි මස 27 වන දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

Related posts

දිවයින පුරා පාසල් අනධ්‍යයන සේවකයින් ලෙඩවෙයි

Admin

දිව්‍යලෝකයට යන්න සිටි 30ක් හඳුනාගනී… භික්ෂුන් කිහිප දෙනෙකුත් ඒ අතර

Admin

චීන නැව හම්බන්තොටට වේගවත් ගමනක.. – ශ්‍රී ලංකා මුහුදේ විද්‍යාත්මක පර්යේෂණ තහනම්

colombotoday

කෝටි 12ක ගල්අගුරු ගැහිල්ලක්..! රංජිත් මෛත්‍රීව දොට්ට දමයි

colombotoday

ලක්ෂ 18ට අධික පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු අල්ලයි

colombotoday

මුස්ලිම් මන්ත්‍රීලා සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක් අද

colombotoday