Colombo Today Local News

දේශයට නිදහස දුන් මානුෂීය මෙහෙයුමේ සත්‍ය කතාව සෙන්පති කමල් ගුණරත්න අද හෙළි කරයි

කොටි ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුමේදී 53 වන සේනාංකයට අණ දුන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් යුද්ධයේ අත්දැකීම් අළලා රචනා කරන ලද “රණ මග ඔස්සේ නන්දිකඩාල් – කොටි සංවිධානය පරාජය කිරීමේ සත්‍ය කතාව“ ග්‍රන්ථය අද (6) සවස 5.30ට කොළඹ ආනන්ද විද්‍යාලයේදී එළිදැක්වීමට නියමිතය.

විජයග්‍රාහි යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වාම සිටි හා අවසන් යුද්ධයේදී පෙරමුණේම සිටි හමුදා නිලධාරියකු විසින් යුද්ධය අලළා ලියන ලද පළමු ග්‍රන්ථය ලෙස මෙය සැලකිය හැකිය. මේ වනවිට ශ්‍රී ලංකා යුද හමුදාවේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් හා යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති යන ධුරයන් හොබවන මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඊයේ (05දා) යුද සේවයෙන් විශ්‍රාම ගත්තේය.

පොතේ ඉංග්‍රීසි පිටපත වන Road to Nandikadal – True Story of Defeating Tamil Tiger යනුවෙන් එදිනම එළි දැක්වීමට නියමිත අතර කමල් ගුණරත්න මහතා මෙරට ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන කිර්තිමත් මෙන්ම නිහඩ සෙන්පතියෙකි.

road to nandikadal

Related posts

මැතිවරණ නීති කඩන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි නීති

colombotoday

අවුරුදු දිනයේ තරුණියකට සරම උස්සා පෙන්නු පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

මාමිණියාව රජමහා විහාරයට ප්‍රහාරයක්.. මැරයෝ විහාර දේපල කුඩුපට්ටම් කරති !

colombotoday

පල්ලෙකැලෙන් පැන්න රැදවියෙක් මහවැලි ගඟේ ගිලී අතුරුදන්

Admin

“එපා නම් කියන්න.. හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය මම පොළොන්නරුවට ගන්නවා“ – ජනපති

colombotoday

බෙහෙත් ගන්න ගිය කතට දොස්තර අතවර කරලා…

Admin