Colombo Today Local News

අලුත් පක්ෂය ස්ථීරයි.. අවසන් සාකච්ඡාව ඊයේ.. ලියාපදිංචිය ඉදිරි දෙසතියේ

mahinda rajapaksha

ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රීලනිපයෙන් ආණ්‌ඩුවට එක්‌ව සිටින මන්ත්‍රීවරුන් එක්‌ව පිsහිටුවීමට නියමිත අලුත් පක්‍ෂය පිළිබඳ අවසන් සාකච්ඡාව ඊයේ (8 දා) රාත්‍රියේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මිරිහානේ පිහිටි රාජපක්‍ෂ මහතාගේ නිවසේදී පැවැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ වාර්තා වේ.

මෙම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දැනට පාර්ලිමේන්තුවේ සිටින හා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් විශාල පිරිසක්‌ සහභාගි වී ඇති බවද වාර්තා වේ.

නව පක්‍ෂයේ ලාංඡනය හා පක්‍ෂ කාර්යාලයේ ලිපිනය මෙන්ම නව විපක්‍ෂයේ නිලධාරි මණ්‌ඩලය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවසන් එකඟතාවන් ඇති කර ගත් බවද පක්‍ෂයේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතා භාරගත යුතු බව සාකච්ඡාවට සහභාගි වූ සියලු දෙනාගේ ඒකමතික තීරණය වූ බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

නව පක්‍ෂය ඉදිරි දෙසතිය තුළ ලියාපදිංචි කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

මෙරට එන්නත්කරණය ජාත්‍යාන්තර පැසසුමට

colombotoday

පාසල් සිසුවියන් 16 කට අතවර කළ ටියුශන් ගුරා අත්අඩංගුවට

Admin

‘මේ තැනැත්තියව දන්නෙත් නෑ. අඳුරන්නෙත් නෑ.’- දයාසිරිගෙනුත් CIDයට පැමිණිල්ලක්

colombotoday

බැදුම්කර වාර්තාව කල් යයි.. කොමිසමේ කාලය දීර්ඝ කෙරේ !

colombotoday

ඉන්දීය විද්‍යා සමුළුවකදී මතු වූ රාවණ රජුගේ ගුවන් තාක්ෂණය

colombotoday

ජාතිවාදී ගිනි අවුලන විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට විපක්ෂයෙන් විරෝධයක්

colombotoday