Colombo Today Local News

“සහජීවනය ගැන අපට අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ“ – අස්ගිරි මල්වතු මහා නාහිමිවරු අල් හුසේන්ට කියයි

malwathu asgiri mha naahimi

එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී යුද සමයේ අවසන් අවස්‌ථාවේ සිදුවූ බව කියන සිද්ධීන් පිළිබඳව කරුණු සොයා බැලීමට විදේශීය පරීක්‍ෂණයක්‌ අවශ්‍ය නොවන බවත් කිසියම් සිදුවීමක්‌ ඇතිවී නම් ඒ ගැන සොයා බැලීම දේශීය යාන්ත්‍රණයක්‌ මගින් සිදුකර ප්‍රශ්න විස¹ ගැනීමට හැකි බවත් මල්වතු අස්‌ගිරි මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ජගත් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් අල් හුසේන් මහතාට ඊයේ (08 දා) පැවසූහ.

ශ්‍රී දළදා මාලිගාවේදී දළදා වහන්සේ වෙත මල් බඳුනක්‌ තැන්පත් කර උපහාර දැක්‌වූ අල් හුසේන් කුමරු අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන්ද අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්‌සී, අස්‌ගිරි මහානාහිමියන්ද බැහැදුටුවේය.

ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව ස්‌ථාපිත කිරීම ජගත් මානව හිමිකම් සංවිධානයේ අරමුණ බව පැවසූ හුසේන් කුමරා එම කාරණය සම්බන්ධයෙන් මහ නාහිමියන්ගේ මතය විමසා සිටියේය.

අතිපූජ්‍ය ශ්‍රී සුමංගල මහනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ තවදුරටත් අදහස්‌ දක්‌වමින් ශ්‍රී ලංකාවේ ජන කොටස්‌ අතර මනා සංහිඳියාවක්‌ පවතින බැවින් අමුතු ආකාරයේ සංහිඳියාවක්‌ අවශ්‍ය නොවන බවත් මහ කොමසාරිස්‌වරයාට දන්වා සිටියහ.

යුද්ධය පැවැති අවුරුදු 30 ක කාලයේදී මේ රටේ සියලු ජන කොටස්‌, පීඩාවට පත්වූ බව පෙන්වා දුන් මල්වතු මහානාහිමියෝ යුද්ධය අවසන්ව අවුරුදු දෙකක්‌ වැනි කෙටි කාලයක්‌ තුළදී සියලු ප්‍රශ්න විසඳීමට පුළුවන්කමක්‌ නොමැති බවද තවත් කෙටි කාලයක්‌ ඒ සඳහා අවශ්‍ය බවද පෙන්වා දුන්නහ.

වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ පාලනයෙහිදී මෙරට සියලු ජාතීන්ට නිදහසේ කටයුතු කිරීමට අවකාශ ලැබී තිබෙන අතර තමා ඝාතනය කිරීමට පැමිණි එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදියකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස ලබාදුන් බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා අස්‌ගිරි මහානාහිමි ගලගම ශ්‍රී අත්ථදස්‌සි ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදුටු අවස්‌ථාව ආවරණය කිරීමට මාධ්‍යයට අවසර නොදීමට මානව හිමිකම් කොමිසමේ නිලධාරීහු කටයුතු කළහ.

එහෙත් පසුව මාධ්‍යයට කරුණු දැක්‌වූ අති පූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකාවේ යුද සමයේ කිසිදු සිද්ධියක්‌ සම්බන්ධයෙන් සොයා බැලීමට විදේශීය මැදිහත් වීමක්‌ අවශ්‍ය නොවන බවත් දේශීය යාන්ත්‍රණයකින් එම කාර්යය ඉටුකළ හැකි බව අල් හුසේන් කුමරුට දන්වා සිටි බව මාධ්‍යයට පැවසූහ.

ජගත් මානව හිමිකම් කොමසාරිස්‌වරයා පසුව මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලු පාර්ශ්ව සමඟ කළ සාකච්ඡා ඇතුළත් කරුණු මාධ්‍යයට අනාවරණය කරන බව පැවසීය. දියවඩන නිලමේ නිලංග දැල මහතා විසින් හුසේන් කුමරු පිළිගන්නා ලදී.

-Divaina

Related posts

මහින්ද ඇතුළු පවුලේ අයත් ඝාතන ලයිස්තුවේ – අත්අඩංගුවට ගත් ඉන්දියානුවා හෙළි කරයි

colombotoday

කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක වෙඩිතැබීමක්

Admin

පසුගිය කාර්තු 3දී පමණක් HIV අසාදිතයන් 429ක් හදුනා ගනී

Admin

රට පාලනය කරගන්න බැරිව ඇන ගත්තට මම පළිද? – හිටපු ජනපති මහින්ද අසයි

colombotoday

නීතිපති නිර්දේශ තාම නෑ.. බුද්ධාගමට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ නඩුවෙන් ෂේප් වෙන්න ඉල්ලයි !

colombotoday

ඉන්දීය අගමැතිට අගමැති මහින්දගේ ප්‍රණාමය

colombotoday