Colombo Today Local News

ඉන්දීය විද්‍යා සමුළුවකදී මතු වූ රාවණ රජුගේ ගුවන් තාක්ෂණය

ඉන්දියාවේ පැවති ප්‍රමුඛ පෙළේ විද්‍යා සමුළුවකදී එරට විද්‍යාඥයින් පිරිසක් විද්‍යාත්මක සොයා ගැනීම් කිහිපයක් පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවති ඉන්දීය විද්‍යා කොන්ග්‍රසයේදී අදහස් පළ කළ ඇතැම් විද්වත්හු අයිසැක් නිව්ටන් සහ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සොයා ගැනීම් ද ප්‍රතික්ෂේප කර තිබිණි.

ඔවුන් පැවසුවේ, අතීතයේ වාසය කළ හින්දු ජනයා පියවි සෛල (stem cell) පර්යේෂණ ද සොයාගෙන තිබූ බවය.

හින්දු මිථ්‍යා විශ්වාස සහ ආගමික කරුණු මත පදනම් වූ න්‍යායයන් ඉන්දීය විද්‍යා කොන්ග්‍රසයේ න්‍යාය පත්‍රයට වැඩි වශයෙන් ඇතුළත් වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

එහෙත්, විද්වතුන් පවසන්නේ, මෙවර සමුළුවේදී සාමාන්‍ය මට්ටමට වඩා එම න්‍යායයන් කතාබහට ලක්වූ බවය.

දකුණු ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක අංශ ප්‍රධානියෙකු පැරණි හින්දු ලියවිල්ලක් සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් පැවසුවේ, පියවි සෛල පිළිබඳව ඉන්දියාවේදී මීට වසර දහස් ගණනකට පෙර සොයා ගැනීම් කර තිබූ බවය.

රාවණාගේ ගුවන් යානා තාක්ෂණය

හින්දු ආගමික වීර කාව්‍යයක් වන රාමායණයේ සඳහන් වන රාවණා නමැති රජුට ගුවන් යානා වර්ග 24 ක් අයත්ව තිබූ බවත්, ඒවා ගොඩ බැස්වීමට ශ්‍රී ලංකාව ඇතුළු ගොඩබෑමේ ගුවන් පථ ජාලයක් පැවති බවත් ආන්ද්‍රා විශ්වවිද්‍යාලයේ උප කුලපති ජී නාගේෂ්වර් රාඕ (G Nageshwar Rao) පැවසුවේය.

තමිල්නාඩු ප්‍රාන්තයේ තවත් විශ්වවිද්‍යාලයක විද්‍යාඥයෙකු පැවසුවේ, අයිසැක් නිවුටන් සහ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සොයා ගැනීම් වැරදි බවත්, ගුරුත්වාකර්ෂණ තරංග “නරේන්ද්‍ර මෝදි තරංග” යනුවෙන් නම් කළ යුතු බවත් ය.

Related posts

බුදුන් වහන්සේට අපහාසකළ, අබ්දුල් රාසික්ගේ තව්හිද් ජමාත් බදුල්ලේ ලොක්කා අත්අඩංගුවට…

colombotoday

සංගක්කාර ස්වයං-නිරෝධායනයට

colombotoday

පාසල් නිල ඇඳුම් මෙදා පාරත් නෑ.. වව්චරෙත් නෑ.. ඒ වෙනුවට චෙක්පත් !

colombotoday

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව පහළ යයි

colombotoday

ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වසර 3 ක සිරදඩුවම් ලැබ සිටි ජිනා මැඩම් නිදහස්

colombotoday

මහසගරුවණට අපේ ඇමතිලා අපහාස උපහාස කළා… පරාජයට එය තදින්ම බලපෑවා !

colombotoday