Colombo Today Local NewsCovid 19

සංගක්කාර ස්වයං-නිරෝධායනයට

ලන්ඩන් නුවර සිට මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීම සැලකිල්ලට ගනිමින් තමන් ස්වයං නිරෝධායනයට යොමු වී ඇතැයි ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුමාර් සංගක්කාර මහතා පවසයි.
 
‘මම ස්වයං නිරෝධායනයට යොමුවුණා. මට කිසිම අසනීපයක් හෝ රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් රජයේ උපදෙස් පිළිපදිමින් මම නිරෝධායනයට යොමුවෙන්න තීරණය කළා’ යැයි ඔහු අදහස් දැක්වීය.
 
සංගක්කාර මහතා සතියකට පෙර ලන්ඩන් නුවර සිට ලංකාවට පැමිණ සිටියේය. විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් ස්වයං නිරෝධායනයට යොමු විය යුතු බවට රජය කළ දැනුම්දීම සැලකිල්ලට ගනිමින් ඔහු පොලිසියේ ඒ බවට ලියාපදිංචි වී මේ වනවිට නිරෝධායනයට වෙමින් සිටී.
 
සමාජ මාධ්‍යයන්හි අදහස් දක්වමින් සංගක්කාර මහතා සඳහන් කළේ, රජය, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ හමුදාව ගෙන යන මෙම වැඩපිළිවෙළට දායක වන ලෙස ජනයාගෙන් සහය අපේක්ෂා කරන බවයි.

Related posts

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෝ ආයෙත් වහලට නගිති

colombotoday

ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සපයන වෙබ් අඩවි සොයා පොලිස් මෙහෙයුම්

colombotoday

මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ආගමික නායකයන් හමු වෙයි

colombotoday

අදත් තැනින් තැන වැසි

colombotoday

රටපුරා විහාරස්ථාන හරහා ව්‍යවස්ථාවට ජනමතය දිනාගන්න මෙහෙයුමක් සිරිතොතෙන් ඇරඹේ !

colombotoday

හෙරොයින් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday