Colombo Today Local News

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව පහළ යයි

කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ‍කොළඹ නගරයේ වායු දූෂණය වැළැක්වීම සඳහා පරිසර අමාත්‍යාංශය හා කොළඹ මහනගර සභාව එක්ව ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ආරම්භකර තිබේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණි.

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට එහිදී සැලසුම්කර ඇත.

කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය විශේෂඥ හා තාක්ෂණික සහාය ලබාදෙන ලෙස නාගරාධිපතිනි රෝසි සේනානනායක මහත්මිය විසින් ඉල්ලීමක් කළ බවද පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඔක්තෝම්බර් 15 වැනිදා සිට දුම්රිය ධාවනය යළි අරඹයි

colombotoday

උණුසුම පිළිබද නිවේදනයක්

Admin

විදුලි බිඳවැටීම් ගැන කියන්න දුරකථන ඇප් එකක්

colombotoday

තලවාකැලේදී පාසල් සිසුවෙකුට පහරදී, අතේ “ටැමිල්“ කියා උල් කටුවකින් කොටලා..

colombotoday

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර අද සාකච්ඡාවක්

colombotoday

රහස් ප්‍රදේශයක රන් බිස්කට් සඟවා ගෙන ආ උස්මාන් කටුනායක දී කොටු

colombotoday